බීජිං නුවර ටියනන්මෙන් චතුරශ්‍රයේ මීට වසර 37කට පෙර සිදු වූ සිදුවීම පිළිබඳ සත්‍යය පිළිගන්නා ලෙස තායිවාන ජනාධිපති ලායි චින්ග්-ටේ චීනයෙන් ඉල්ලා සිටී. අද දිනයේදී සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඔහු මේ බව අවධාරණය කළේය.
ජනාධිපති ලායි චින්ග්-ටේ ප්‍රකාශ කළේ චීනය මීට වසර 37කට පෙර සිදු වූ ජූනි 4 වැනි දින සිදුවීමට මුහුණ දිය යුතු බවත්, සත්‍යය පිළිගෙන, වේදනාව සමනය කර, සංහිඳියාව සහ සංවාදයට දොර විවර කර දෙනු ඇතැයි තමන් අවංකවම බලාපොරොත්තු වන බවත්ය.
බීජිං රජය විසින් තහනම් මාතෘකාවක් ලෙස සලකන මෙම සිදුවීම පිළිබඳව තායිවාන ජනාධිපතිවරයා මෙලෙස කරුණු දක්වා තිබේ. වසර 37කට පෙර පැවැති එම සිදුවීම තවමත් බීජිං රජය විසින් සංවේදී කරුණක් ලෙස සලකන අතර, එය සමාජ කතිකාවතෙන් බැහැර කර තැබීමට ඔවුන් කටයුතු කරයි.
















