රැඳවුම් භාරයේ පසුවන හිටපු ජාතික බුද්ධි ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි මේ වන විට දැඩි මානසික පීඩාවකට ලක්ව සිටින බව වාර්තා වේ. ඔහු පශ්චාත් කම්පන මානසික ආතතිය (PTSD), අධික චිත්ත ආතතිය සහ විශාද තත්ත්වයෙන් පෙළෙන බැවින් සියදිවි නසා ගැනීමේ අවදානමක පසුවන බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප්‍රනාන්දු මහතා ඊයේ (03) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.
මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ රඳවා සිටින කාලසීමාව තුළ ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය සහ මානසික තත්ත්වය පිළිබඳව දැඩි අවධානයක් යොමු කරන ලෙසයි. අදාළ සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා ඉදිරිපත් කිරීමට සහ නීතිමය ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට නියමිත අතර, අධිකරණය මේ පිළිබඳව ඉදිරි තීන්දු තීරණ ගැනීමට නියමිතව ඇත.
















