• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් ව්‍යාප්තිය පාලනයට නොපමාව එන්නත ගන්න – විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ

26 August 2022
in දේශීය

නැවත රට තුල කොවිඩ් 19 වසංගතය උත්සන්න වීමේ අවධානමක් ඇතිව හෙයින් නොපමාව කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යාංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සමිත ගිණිගේ මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ අද ( 25 ) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කොවිඩ් 19, ඩෙංගු අවදානම සහ වඳුරු උණ (Monkey Pox) පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමිනි.

කොවිඩ් රෝගීන් වාර්තා වීම වැඩිවන සෑම අවස්ථාවකම ඊට සාපේක්‍ෂව කොවිඩ් මරණ වැඩි වීමද දැකගත හැකි අතර මෙම තත්ත්වය පාලනය කිරීමට සමාජය තුල රෝගය පැතිරීම වළක්වා ගත යුතු අතර කොවිඩ් රෝගය සමාජගත වීම වැළැක්වීම ජනතාව අනුගමනය කළයුතු ක්‍රමවේද දෙකක් පිළිබඳව වෛද්‍යවරයා ජනතාව දැනුවත් කළේය.

කෙටි කාලීන ක්‍රමවේදයක් වුවද යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වා ගැනීම එහි පළමුවැන්නයි.දෑත් සබන් ගා සේදීම, විෂබීජ නාශක දියර ගල්වා දෑත් නිතර පිරිසිදු කිරීම, ජනතාව රැස්වන ස්ථාන වල අනවශ්‍ය ලෙස රැඳී නොසිටීම, ජනතාව ගැවසෙන ස්ථාන වලදී මුඛ ආවරණ පැළඳීම, සැක කටයුතු රෝග ලක්ෂණ තමන් තුල තිබේ නම් සමාජයෙන් දුරස්ව සිට ප්‍රතිකාර ගැනීම ආදී යහපත් සෞඛ්‍යය පුරුදු නැවතත් අනුගමනය කරන ලෙස වෛද්‍ය සමිත ගිණිගේ මහතා අවවාද කළේය.

පාසල් හා ආයතන නැවත ආරම්භ කිරීම නිසා එම ආයතන වල යහපත් සෞඛ්‍යය පුරුදු පවත්වාගෙන යාමට අවශ්‍යය පහසුකම් සැලසිය යුතු බව වෛද්‍යවරයා පැවසුවේය.

මෙයට අමතරව එන්නත්කරණය සඳහා ජනතාව නැවත යොමු වීමේ අවශ්‍යතාව වෛද්‍යවරයා පෙන්වා දුන්නේය. මුල් කාලීනව කොවිඩ් වසංගතය රට තුල පාලනය වීමට එන්නකරණය ඉවහල් වූ නිසා රෝගය නැවත පැතිරීම වළක්වා ගැනීමට තුන්වන මාත්‍රාව හෙවත් පළමු වර්ධක මාත්‍රාව හැකි ඉක්මනින් ලබාගත යුතු බවත් පළමු වර්ධක මාත්‍රාව ලබාගත් පුද්ගලයන් සිව්වන මාත්‍රාව හෙවත් දෙවන වර්ධක මාත්‍රාව සෞඛ්‍ය අමාත්‍යංශයේ නිර්දේශ පරිදි ගත යුතු බවත් අවධාරණය කරනු ලැබීය.

ලෝකයේ බොහෝ රටවල ජනතාව ඔමික්‍රෝන් ප්‍රභේදයට ගොදුරු වනවිට ලංකාව තුල බොහෝ දුරකට පාලනය කරගත හැකි වූයේ බහුතර පිරිසක් ප්‍රාථමික එන්නත්කරණයට ලක්ව සිටීම නිසා බව වෛද්‍ය ගිණිගේ මහතා පෙන්වා දුන්නේය.මේ නිසා ඉදිරියේදී කොවිඩ් රෝගය පැතිරීම වැළැක්වීම අවමකර ගැනීමට නම් මෙතෙක් එන්නත් නොගත් පිරිස සෞඛ්‍ය අමාත්‍යාංශයේ උපදෙස් පරිදි කඩිනමින් එන්නත ගත යුතු බව වෛද්‍ය ගිනිගේ පැවසීය.

මේ වසර ආරම්භයේ සිටම රට තුල ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වර්ධනයක් වූ බව මාධ්‍ය සාකච්ඡාවට එක් වූ විශේෂඥ ප්‍රජා වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවාය.ජුලි මාසය වන විට ඩෙංගු රෝගීන් වාර්තා වීම වඩාත් උත්සන්න වුවත් අගෝස්තු මාසය වන විට එය යම්තාක් දුරකට පාලනය කරගත හැකි වී තිබේ.ඉදිරි මාස 04 ඇතුලත කාලය තුල ඩෙංගු රෝගය පැතිරීම වැළැක්වීමට ජානතාව දැනුවත් කිරීමේ වැඩසටහන් දියත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සුදානම්ව සිටින බව වෛද්‍යවරිය පැවසුවාය.ඊසාන දිග මෝසම් වර්ෂාව සමඟ උතුරු නැගෙනහිර පළාත තුල ඩෙංගු රෝගය පැතිරීමේ අවදානමක් පවතියි.කීට විද්‍යා කටයුතු සහ නිවාස පරීක්‍ෂා කිරීමේ කටයුතු යම් තරමකට පසුගිය දිනවල සිමා වුවත් මසකට වරක් විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහනක් දියත් කිරීමට පරිසර පොලිසිය හා ත්‍රිවිධ හමුදාව එක්ව ක්‍රියා කරයි.මදුරුවන් බෝවන ස්ථාන හඳුනාගෙන ඒවා විනාශ කිරීම මෙන් හා විකර්ශන ද්‍රව්‍ය ගැල්වීමෙන් ඩෙංගු රෝගය පැතිර යාමේ අවධානමෙන් ගැලවිය හැකිබව වෛද්‍යවරිය අවධාරණය කළාය.

පුද්ගලයකුට උණ රෝගය වැළඳී දිනකට පසු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත යුතුය. එතෙක් පැරසිටමෝල් පමණක් නියමිත මාත්‍රාවට දිනකට 4 වතාවක් ලබා ගත යුතුයි.අනෙකුත් ඖශධ වෛද්‍ය උපදෙස් මත පමණක් ගත යුතු අතර ඩෙංගු රෝගියකු වෙනත් වේදනා නාශක ගැනීමෙන් රෝගය උත්සන්න විය හැකිබව වෛද්‍යවරිය පැවසුවාය.ගර්භනී මාතාවන්,කුඩා දරුවන් හා වෙනත් නිදන්ගත රෝග සහිත පුද්ගලයන් දිනක් ඇතුලත වෛද්‍ය ප්‍රතිකාර ගත යුතු අතර ගර්භනී මාතාවකට ඩෙංගු රෝගය වැළඳී ඇත්නම් රෝහල් ගතව ප්‍රතිකාර ගැනීම සුදුසු ය.

දැනට හඳුනාගෙන ඇති අවදානම් කළාප තුල සැප්තැම්බර් 01 සිට සැප්තැම්බර් 03 දක්වා දින තුනක විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ත්‍රිවිධ හමුදාව හා පොලිසිය එක්ව සුදානම් කර තිබේ.තම නිවස හා ආයතන අවට පිරිසිදුව තබා ගැනීම, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඇත්නම් ඒවා හඳුනාගෙන විනාශ කිරීම තුලින් ඩෙංගු උවදුර අවම කරගත හැකිබව විශේෂඥ ප්‍රජා වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය පැවසුවාය.

Post Views: 30
Previous Post

විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීම ලබන 31 වනදා

Next Post

රජයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් -විපක්ෂ නායක සජිත් 

editor

editor

Next Post

රජයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරක් -විපක්ෂ නායක සජිත් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved