තලවතුගොඩ ප්‍රදේශයේ පිහිටි වෙළඳසැලක අද (09) පෙරවරුවේ හදිසි ගින්නක් හටගෙන තිබේ. ගින්න පාලනය කිරීම සඳහා ගිනි නිවන රථ තුනක් යොදවා ඇති බව ගිනි නිවන සහ ආපදා කළමනාකරණ දෙපාර්තමේන්තුව තහවුරු කරයි.
ගින්න හටගන්නා අවස්ථාවේදී අදාළ ගොඩනැගිල්ල තුළ සිරවී සිටි පුද්ගලයින් තිදෙනෙකු ගිනි නිවන භටයින් විසින් ඉතා දක්ෂ ලෙස මුදාගෙන තිබේ.
ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, තලවතුගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.
















