පසුගිය අප්‍රේල් 23 වැනිදා පැවැති තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේදී ව්‍යාජ ලේඛන සකස් කර, නීතිවිරෝධී ලෙස ඡන්දය ප්‍රකාශ කළ බවට සැකපිට විදේශිකයින් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චෙන්නායිහිදී කාන්තාවන් සිව්දෙනෙකු ඇතුළු පුද්ගලයන් 10 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඒ අතර ශ්‍රී ලාංකිකයින් කිහිපදෙනෙකු ද වන බව එම වාර්තාවල සඳහන් වේ. මීට අමතරව එක්සත් රාජධානිය, ඉන්දුනීසියාව සහ කැනඩාව යන රටවලට අයත් පුද්ගලයන් ද මෙම හොර ඡන්ද ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගත් පිරිස අතර සිටින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.













