කලක් ‘දුෂ්කර’ යන ලේබලය යටතේ පැවති තණමල්විල ප්‍රදේශය, මේ වන විට ක්‍රියාත්මක කෙරෙන විවිධ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ඔස්සේ නවෝදයේ මාවතට අවතීර්ණ වෙමින් පවතී. ග්‍රාමීය ආර්ථිකය, අධ්‍යාපනය, සෞඛ්‍යය සහ යටිතල පහසුකම් යන අංශ ආවරණය කරමින් මෙම සංවර්ධන ක්‍රියාදාමය ක්‍රියාත්මක වේ.
පානීය ජල ගැටලුවට විසඳුම් ලෙස, තණමල්විල ජනතාව වසර ගණනාවක සිට මුහුණ දෙන පානීය ජල හිඟයට සහ වකුගඩු රෝග බියට විසඳුමක් ලෙස, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ජල පිරිපහදු කිරීමේ ඒකක 9ක් ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබේ. මෙම එක් පද්ධතියකින් පුද්ගලයන් 200 – 300 අතර පිරිසකට පිරිසුදු පානීය ජලය ලබාගත හැකි වේ.
‘දිට්වා’ සුළි කුණාටුවෙන් හානි වූ නිවාස ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන්, පසුගිය වසරේ ඇති වූ කුණාටුවෙන් හානි වූ නිවාස 32ක් වෙනුවෙන් නිවසකට රුපියල් ලක්ෂ 5 බැගින් ආධාර ලබාදීමට පියවර ගෙන ඇත. මින් රුපියල් ලක්ෂ 3ක මුල් වාරිකය මේ වන විටත් ලබා දී ඇති අතර, ඉතිරි ලක්ෂ 2ක මුදල ලබා දීමට මහා භාණ්ඩාගාරය ප්‍රතිපාදන වෙන් කර තිබේ.
එසේම රුපියල් මිලියන 206ක වියදමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සඳහා නව ගොඩනැගිල්ලක් ඉදිකිරීමට කටයුතු යොදා තිබේ. මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් ලක්ෂ 560ක පමණ වටිනා සංවර්ධන ව්‍යාපෘති තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ ක්‍රියාත්මක කිරීමට හැකි වී තිබේ.
තණමල්විල ප්‍රාදේශීය ලේකම් කේ.එච්.ඒ.කේ නිශාන්ත මහතා පෙන්වා දෙන්නේ, ජනතාවගේ දෛනික අවශ්‍යතා සපුරාලීමට සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රාජ්‍ය නිලධාරීන්ගේ කැපවීම සහ ගම්වාසීන්ගේ දායකත්වය අතිශය වැදගත් වන බවයි. මෙම වැඩපිළිවෙළ ඔස්සේ අඩු ආදායම්ලාභී පවුල්වලට නව බලාපොරොත්තුවක් ඇති කරමින්, ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම රජයේ මූලික අරමුණ වී ඇත.
















