තංගල්ල, සියඹලාගොඩ ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිටදී 88 හැවිරිදි පියෙකු සැක සහිත ලෙස මියගොස් සිටියදී ඊයේ (11) රාත්‍රී පොලිසිය විසින් සොයාගෙන තිබේ.බෙලිඅත්ත, සියඹලාගොඩ, දිගංවල පදිංචිව සිටි කංකානම් ආරච්චිගේ ධනපාල නමැති 88 හැවිරිදි සිව්දරු පියෙකි. මියගිය පුද්ගලයා බිරිඳ සමඟ නිවසේ පදිංචිව සිට ඇති අතර, ඊයේ රාත්‍රී 8.00ට පමණ නිවස ඉදිරිපිට ජල කරාමයක් අසල වැටී සිටියදී සොයාගෙන ඇත. මෙය කිසිවෙකු විසින් සිදුකළ ඝාතනයක් බවට පොලිසිය සැක පළ කරයි.සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මියගිය අයගේ බාල පුතු වන 48 හැවිරිදි විශ්‍රාමික නාවික හමුදා සෙබළෙකු තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔහු ඊයේ උදෑසන 11.00ට පමණ පියාගේ නිවසට පැමිණ ඇති බව අනාවරණය වී ඇති අතර, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු අධික ලෙස බීමත්ව සිටි බව පොලිසිය පවසයි.තංගල්ල කොට්ඨාස ස්ථානීය අපරාධ පරීක්ෂණාගාරයේ නිලධාරීන් විසින් සිද්ධිය වූ ස්ථානයේ පරීක්ෂණ සිදුකර ඇති අතර, තංගල්ල මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය මරණය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.
















