27 April 2024
#දේශීය

පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය දිරිමත් කිරීමට බදු සහන – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තුළින් විදුලිය නිෂ්පාදනය කිරීම දිරිම සඳහා විදුලිය උත්පාදනය කිරීමට අවශ්‍ය Invertors වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් නිකුත් කරන ලද 2312/67 ගැසට් නිවේදනය මගින් මෙම බදු නිදහස් කිරීම සිදු කර තිබේ. ඒ අනුව HS කේත අංක 8504.40 යටතේ ආනයනය කරනු ලබන Static converters සහ Invertors මත වන වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්ද 10% සිට නිදහස් කිරීමට කටයුතු කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *