27 April 2024
#දේශීය

ඉදිරියේදි අනිවාර්යෙන් උග්‍ර පානිය ජල හිගයකට මුහුණ පෑමට සිදු වෙනවා – පරිසරවේදි ගාමිණි

මාතලේ දිස්ත්‍රික්කයේ පවතින ජල මුලාශ්‍ර ආශ්‍රිතව ඇතැම් පිරිස් විසින් සිදුකරන අනිසි ක්‍රියාකාරකම් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කය තුළ ඉදිරියේදි අනිවාර්යෙන් උග්‍ර පානිය ජල හිගයකට මුහුණ පෑමට සිදු වන බව ගැෆෙක් ශ්‍රි ලංකා හි අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාව බිමට ගන්නා ප්‍රධාන මාර්ග ලෙස ළිද(ආරක්ෂි/ආනාරක්ෂිත)ප්‍රධාන නල ජලය,ග්‍රාමිය ජල ව්‍යාපෘති,නල ළිද,බෝතල් කළ ජලය,වැව්,ගංගා ඇළ දොළ ආදි සහ වෙනත් මාර්ගයෙන් තම ජල පහසුකම් සපුරා ගන්නා අතර මේවාටද දැඩි ලෙස බලපැම්එල්ල වෙමින් පවති බව හෙතෙම පැවසිය.

මාතලේ දිස්ත්‍රික්කයේ නකල්ස් කදුවැටිය ආශ්‍රිතව වතු සමාගම්වලට අයත් ඉඩම් වල ගස් කපා දැමිම මේ වන විටත් පටන්ගෙන් ඇති බවත් එම නිසාද ජල මුලාශ්‍ර විනාශ විමේ තර්ජනයකට මුහුණ පා ඇති බවද අධ්‍යක්ෂ ගාමිණි ජයතිස්ස මහතා පැවසිය.

මිට අමතරව ඉවක් බවක් නොමැතිව සිදු කරන ඉඩම් කට්ටි කිරිම තුළින් ඒ ඒ ප්‍රදේශවල සිඝ්‍ර ලෙස නල ළිං ගැසිම නිසා භූගත ජලය මේ වන විට අඩු මට්ටමක පවතින බවද ජයතිස්ස මහතා කියා සිටියේය.

මාතලේ නගරය ආශ්‍රිතව ජල සම්පාදන මණ්ඩලය මගින් සුදු ගග ආශ්‍රෙයන් ලබා දෙන පානිය ජලය ද ගගෙහි අඩුවිමක් දක්නට ලැබෙන බවත් ගග දෙපස ඇති ජල මුලාශ්‍ර මේ වන විට විනාශ වෙමින් පවතින බවද ගාමිණි ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසිය.

 

 

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *