27 April 2024
#දේශීය

පොහොර නැති නිසා තේ වතු හිමියෝ දැඩි අපහසුතාවයට

රට තුළ පවතින වාතාවරණය හමුවේ පොහොර වර්ග නොමැතිකමින් මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව මාතලේ දිස්ත්‍රික් කුඩා තේවතු හිමියන්ගේ සංගමය කියයි.

මේ නිසා මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ රත්තොට උකුවෙල අඹන්ගගකොරළය ආදි ප්‍රදේශවල කුඩා තේවතු හිමියන් 2000කට වැඩි පිරිසක් දැඩි අපහසුතාවයට පත්ව සිටින අතර මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා තේ වතු අක්කර 3000කට වැඩි ප්‍රමාණයක් ඇති බවත් අමු තේ දළු සදහා සාධාරණ මිලක් ද නොලැබෙන බවද ඔවහු කියයි.

මේ හේතුවෙන් තේ දල්ල කහ පැහැති විම දලු ඵලාදව අඩු විම වල් මර්දනය සිදු කිරිමට නොහැකි විම නිසාද ඔවුන් අපහසුතාවයට පත්ව තිබේ.

තේ වගාව සදහා යොදන යුරියා,ටි එස්පි.එම්ඕපි වැනි පොහොර වර්ග නොමැතිකමින් මෙසේ තේවතු හිමියන් අපහසුතාවයට පත්ව සිටින බවද කුඩා තේවතු හිමියෝ කියයි.

මේ නිසා වතු හිමියන් මෙන්ම කම්කරුවන්ද දැඩි අපහසුතාවයට ලක්න ඇති බවත් ඔවුන්ද ආදයම් නොලැබිම නිසා ඔවුන්ද දැඩි ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින බවද ඔවුහු කියයි.

අස්වැන්න අඩු විම නිසා තේ වතු හිමියන් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් අනෙකුත් දේ සදහා යන වියදම්ද මේ වන විට ඉහළ ගොස් ඇති බවද කුඩා තේවතු හිමියන් පවසන අතර අස්වැන්න අඩවිම හේතුවෙන් කම්කරු කුලිය පවා ගෙවා ගැනිමට අපහසු තත්වයකට තමන් මුහුණ දි සිටින බවත් රටට විදේශ විනිමය රැගෙන එන අපයනය බෝග වගාවක් වන තේ සදහා යෙදිය යුතු ‍පොහොර ලබා දිමට කටයුතු කරන ලෙස අදාළ බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද කුඩා තේවතු හිමියෝ කියයි.

 

 

මාතලේ – මහේෂ් කිර්තිරත්න

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *