27 April 2024
#දේශීය

නිර්මාණශීලී දේශපාලනඥයින් බිහි කිරීමට කටයුතු කල යුතුයි- රාජ්‍ය ඇමැති රොෂාන්

රටට අවශ්‍ය නිර්මාණශීලි දේශපාලඥයින් බිහි කිරීම මඟින් මාතෘ භූමියේ අභිවෘද්ධිය ඇතිවන බව පළාත් සභා හා පළාත් පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (11) පළාත් පාලනය පිළිබඳ ශ්‍රී ලංකා ආයතයේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලය නිළධාරීන් හා සේවක සේවිකාවන් අමතමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා එහීදි පවසා සිටියේ උගත් බුද්ධිමත් දේශපාලඥයන් වගේම දේශපාලනය සමග යන පළාත් පාලන අංශයේ නිලධාරීන්ටත් අවශ්‍ය පුහුණුව ලබාදිම වැදගත් බවයි.

මේ අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් එස්.ඩි.ඒ.බී.බොරලැස්ස මහතා, පළාත් පාලනය පිළිබඳ ශ්‍රි ලංකා ආයතනයේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිළධාරී අචාර්ය ඩී.එම්.සූරතිස්ස මහතා ඇතුළු නිළධාරී පිරිසක් සහභාගි විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *