27 April 2024
#දේශීය

ගුරුවරුන්ගේ වැටුප් වැඩි කරනවා මිස කප්පාදු කරන්නේ නෑ – ඇමැති අකිල

නිවාඩු කාලවලදී ගුරුවරුන්ගේ වැටුප් නතර කිරීමට අධ්‍යාපන අමාත්‍යවරයා පියවර ගැනීමට සූදානම් වන බව දක්වමින් සමාජ ජාල මාධ්‍යවල සහ වෙබ් අඩවි කිහිපයක පල වී තිබූ අසත්‍ය පුවත පිළිබද නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(17) විශේෂ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කරමින්.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ දරුවන් වෙනුවෙන් දහසක් කැපකිරීම් සිදුකරන ගුරුවරුන්ගේ පහසුකම් හා වරප්‍රසාද ඉහළ නැංවීමට මිස පහළ දැමීමට තමා කිසිවටකත් කටයුතු නොකරන බවයි. වත්මන් රජය විසින් ගුරුවරුන් ඇතුළු රජයේ සේවකයින්ගේ වැටුප රු. 10,000 කින් ඉහල දැමීමට පියවර ගත් බවත් විදුහල්පතිවරුන් සඳහා ලබාදෙන දීමනාව රු.750 සිට 6,500 දක්වා ඉහල නැංවීමට තමා පියවර ගත් බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

එමෙන්ම විභාග රාජකාරිවල නිරත ගුරුවරුන් හා විදුහල්පතිවරුන්ගේ දීමනා ඉහල දැමීමට පියවර ගන්නා ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බව ද පෙන්වාදුන් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අධ්‍යාපන ක්ෂේත්‍රය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති දැවැන්ත ව්‍යාපෘතින් මෙන්ම ඒ හරහා අත්වන ප්‍රගතිය පිළිබඳ ද්වේශ සහගතව දකින කණ්ඩායම් පටු මඩ දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක කරමින් තමා සහ අමාත්‍යාංශය අපහසුතාවට පත්කිරීම සඳහා දේශපාලන මඩ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කරමින් සිටින බව ද සඳහන් කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *