27 April 2024
#සංවර්ධන

වස විසෙන් තොර දේශීය ආහාර සැපයීමට ලංකා සතොසෙන් අලුත් වැඩක්

විෂ රසායනිකයන්ගෙන් තොර දේශීය සහල්, එළවලු හා පලතුරු පාරිභෝගිකයින්ට අලෙවිකිරීමේ නව වැඩසටහනක් ලංකා සතොස හරහා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

සෞඛ්‍ය සම්පන්න ජනතාවක් බිහිකිරීමේ අරමුණින් කෘෂිකර්ම අමාත්‍යාංශයේ ද සහයෝගයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර මේ තුළින් විෂ රසායනික අඩංගු ආහාර පරිභෝජනය නිසා ජනතාව තුළ බහුලව ව්‍යාප්තව ඇති ලෙඩ රෝග බොහෝමයකට නැවතීමේ තිත තැබිය හැකි බවද අමාත්‍යවරයා පැවසිය.

ලංකාව පුරා මේ වන විට ව්‍යාප්තව ඇති ලංකා සතොස අලෙවි සැල් සියල්ලෙහි පරිශ්‍රයන් තුළ මෙම කාබනික ආහාර අලෙවිකිරීමට අවශ්‍ය පහසුකම් සැකසීමට බලාපොරොත්තු වන බවත් මෙම විෂ රසායනිකයන්ගෙන් තොර ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයින්ට දැරිය හැකි මිලකට අලෙවි කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *