• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් දරුවන්ට ඉගැන්වීම 2025 වසරේ දී සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මකයි – ඇමැති සුසිල්

21 March 2024
in දේශීය, පුවත්
කෘත්‍රීම බුද්ධිය විෂය පාසල් දරුවන්ට ඉගැන්වීම 2025 වසරේ දී සම්පුර්ණයෙන්ම ක්‍රියාත්මකයි – ඇමැති සුසිල්

කෘත්‍රීම බුද්ධිය හා තොරතුරු සන්නිවේදන තාක්ෂණ විෂය අන්තර්ගතය සකස් කර විෂය නිර්දේශය සඳහා අදාළ පරිදි විෂය මාලා සංවර්ධනය කිරීමේ කටයුතු මේ වන විටත් සිදු කර අවසන් ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ සාමාන්‍ය අධ්‍යාපනයට කෘත්‍රීම බුද්ධිය හඳුන්වා දීම සඳහා පාසල් විෂය මාලාවට එය ඇතුළත් කිරීම මෙන් ම එය නියමු ව්‍යාපෘතියක් ලෙස පාසල්වල ඉගැන්වීම ආරම්භ කිරීමට අදාළ ව අධ්‍යාපන අමාත්‍යාංශය හා මයික්‍රොසොෆ්ට් ආයතනය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම වෙනුවෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවති වැඩසටහනට සහභාගී වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යාංශය හා තාක්ෂණ අමාත්‍යාංශය එක් ව මෙම යෝජනාවට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාගෙන ඇත.

අමෙරිකානු තානාපති ජූලි චංග්, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, රාජ්‍ය තාක්ෂණ අමාත්‍ය කනක හේරත් යන මහත්ම මහත්මීන් සහ මයික්‍රොසොෆ්ට් ආසියානු කලාපීය අධ්‍යාපන සාමාන්‍යාධිකාරී ලැරී නෙල්සන් මහතා ඇතුළු නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී ව සිටියහ. මෙම ගිවිසුමට අධ්‍යාපන අමාත්‍යාංශ පාර්ශ්වයෙන් අධ්‍යාපන ලේකම් වසන්තා පෙරේරා මහත්මිය අත්සන් තැබූ අතර මයික්‍රොසොෆ්ට් ආයතනය වෙනුවෙන් එහි ශ්‍රී ලංකා අධ්‍යක්ෂ හර්ෂ රන්දෙණිය මහතා විසින් අත්සන් කරන ලදි.

Post Views: 3,393
Previous Post

‘‘අලුත්ම සමීක්ෂණ වාර්තාවක් එළියට – සමගි ජන බලවේගය ඉදිරියෙන් ඉන්නවා‘‘ -මන්ත්‍රී අශෝක් අබේසිංහ

Next Post

 රෝහිතගේ  සභාපතිත්වයෙන් කෝප් කමිටුව පළමු වරට රැස්වෙයි

editor ttvnews

editor ttvnews

Next Post
 රෝහිතගේ  සභාපතිත්වයෙන් කෝප් කමිටුව පළමු වරට රැස්වෙයි

 රෝහිතගේ  සභාපතිත්වයෙන් කෝප් කමිටුව පළමු වරට රැස්වෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved