27 April 2024
#සංවර්ධන

කුණු කදුවලින් ඔළුව උස්සපු ආණ්ඩුවක් අපි – ජනපති කියයි

ජාත්‍යන්තර වශයෙන් රටට එරෙහිව පැවති කුණු කඳු රැසක් ඉවත් කිරීමට වර්තමාන ආණ්ඩුවට හැකිවූ බවත් කුණු කදුවලින් ඔළුව උස්සපු ආණ්ඩුව තම ආණ්ඩුව බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (12) මුල්ලේරියාව, මණ්ඩාවිල ප්‍රදේශයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකළ ලේක් ක්‍රෙස්ට් රෙසිඩන්සීස් නිවාස සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ අවස්ථාවට එක්වෙමින්.

එහිදී ජනාධිපතිවරයා කියා සිටියේ වත්මන් ආණ්ඩුව බලය පැමිණෙම විට තිබුණ ප්‍රධාන කුණු කන්ද ජාත්‍යන්තර වශයෙන් තිබුණු කුණු වලින් රට බේරා ගැනිමයි. ලෝකයේ ප්‍රධාන රටවල් එදා අපෙන් ඇත් වෙලා හිටි බවත් ජාත්‍යන්තර මුල්‍ය ආයතන සියල්ලෙන්ම අපට ලැබෙන සහාය නැවතිලා තිබු බවත් ඒ සියල්ල අප නිවැරදි කර ඇති බව ජනාධිපතිවරයා අවධාරණය කළේය. මේ වන විට ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගැනීමට හැකියාව ලැබී තිබෙන බව ද හෙතෙම අවධාරණය කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *