27 April 2024
#දේශීය

රනිල් වැඩ්ඩෙක්නම් කරන වැඩපිළිවෙල කියන්න.. – රවි කුමුදේශ්

ආර්ථික අර්බුධයක් ආවාම තියෙන දෙයක් විකුණාගෙන කන එක හරි, උගස් තියලා අනාගත පරම්පරාවම අනාථ කරන එක, සාමාන්‍යයෙන් ගමක කසිප්පුවලට ඇබ්බැහි වෙච්ච මිනිස්සු පවා කරන දෙයක් මිස, වැඩ්ඩෙකුගේ ඉකොනොමික් ප්‍රැක්ක්ටිස් එකක් නොවන බව වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සම කැදවුම්කරු රවී කුමුදේශ් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ කොළඹ සේවාමුක්තබට ශ්‍රවණාගාරයේදී පැවති රැස්වීමකදීය.

රනිල් වික්‍රමසිංහ මහතා ආර්ථිකයේ වැඩ්ඩෙක් බව ප්‍රකට කිරීමට උත්සාහ දැරුවත්, ඔහුගේ මෙතෙක් ක්‍රියා කලාපය මගින් ඔහුගේ දැනුම රටේ ආර්ථික ප්‍රශ්ණය බේරා ගැනීමට ප්‍රමාණවත් නොමැති බව ප්‍රශ්ණ කරමින් තිබෙන බවත්, විකිනීම සහ ජයවර්ධන මමාගේ පරණ පොතේ තිබෙන කසිකබල් මර්ධන ක්‍රමය සහ බිය වැද්දවීම හැරුණුකොට වෙනත් නිර්මාණශීලි බවක් පෙනෙන්නට නොමැති බව කුමුදේශ් මහතා පැවසිය.

එසේම රටේ සෞඛ්‍ය ප්‍රශ්ණය විසදීමට සෞඛ්‍ය සේවාවට ඖෂධ, ප්‍රතික්‍රීයක, ශල්‍ය උපකරණ නොමැතිව තිබියදී, ඒ වෙණුවට සීතා අරඹෙපොලව එවා ඇති බව කුමුදේශ් මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *