• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

වැව් තුළ තාවකාලික වගා ලිං හැරීම ලබන සතියේ – ඇමැති දුමින්ද

15 August 2018
in සංවර්ධන

පවතින වියළි කාළගුණයත් සමඟ අනුරාධපුරයේ වැව් සිදී ගොස් ගොයම විනාශ වීමේ අවධානමක් පවතින ප්‍රදේශයන්හී වගා කටයුතු සඳහා ජලය සැපයීමේ අරමුණින් වැව් තුළ තාවකාලික වගා ලිං හැරීම ලබන සතියේ සිට ආරම්භ කරන බව වාරී මාර්ග, ජල සම්පත් හා ආපදා කළමණාකරන අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, “වැව්ගම් පුබුදුව” ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර හොරොව්පතාන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පරංගියාවාඩිය ගම්මානයේ වැව් 11 ක එල්ලංගා පද්ධතිය ප්‍රථිසංස්කරණය කිරීම පිළිබඳව ගොවි සංවිධාන නියෝජිතයින් හා ප්‍රදේශවාසීන් දැනුවත් කිරීමේ හමුවකදීය.

මෙම ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියක 100 කට ආසන්න මුදලක් වැය කිරීමට නියමිතය. වැව් 12 ක් සහිත එල්ලංගා පද්ධතිය ප්‍රථිසංස්කරණය මගින් ප්‍රදේශයේ ගොවිතැන් සඳහා ජලය සැපයීම මෙන්ම ජනතාවගේ පානීය ජල අවශ්‍යතාවන් සපුරා දීමටද යෝජිතය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ” කලින් අපි හිටියේ තනි ශ්‍රී ලංකා ආණ්ඩුවක, ඒ ආණ්ඩුව කාලේ බෝක්කු කැටයක් දැම්මත් දන්නවා මේක ආණ්ඩුවේ කියලා, මේක දැන් ජාතික ආණ්ඩුවක් වුණාට පස්සේ හරියට අයිතිකාරයෙක් නෑ වගේ දැන්.මේකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත් කියන අයිතිකාරයෝ දෙන්නෙක්ම ඉන්නවා.අපි ජාතික ආණ්ඩුව, යහපාලන ආණ්ඩුව කියලා කිව්වම ගෞරවයක් ආණ්ඩුවට ලැබෙන්නේ නෑ.මේ ආණ්ඩුව පහුගිය අවුරුදු කිහිපයේ විශාල සංවර්ධනයක් කරලා තියෙනවා.ඒ වගේම ගම් පෙරළිය හරහා විශාල සංවර්ධනයක් ඉස්සරහට සිදු වෙනවා. ගමේ විහාරස්ථානය ඇතුළු ආගමික ස්ථාන, ගමේ පාර සංවර්ධනය වෙනවා, ස්ථිර සෙවිල්ලක් නැති ගෙදරට ලක්ෂ 3 ½ ක් ලැබෙනවා වහල ගහගන්න, විදුලිය නැත්නම් නිවසට විදුලිය ලබා ගන්න රුපියල් 35 000 ක් ලැබෙනවා, වැසිකිලය නැත්නම් වැසිකිලියක් ලැබෙනවා.ඇළ මාර්ග, ක්‍රීඩාපිටි, පාසල් ඉදිරියේදී සංවර්ධනය වෙනවා.මේ ගම්පෙරළිය වැඩසටහන ලබන වසරේ දෙසැම්බර් වනතුරුම අදියර මට්ටමින් ක්‍රියාත්මක වෙනවා. වැවක ලිඳක් කපන්න ඕනකම තියෙන්නේ කුඹුරු ටික මැරෙන්න යනවා නම්, ඒ නිසා ඉතාමත් අවශ්‍යය තැන් ටික මට ලබා දෙන්න, අපි ලබන සතියේ ඉඳන් මැරෙන්න යන කුඹුරු ටික බේර ගන්න තාවකාලිකව වගා ලිං ටිකක් කපන්න අපි බලාපොරොත්තු වෙනවා යැයි අමාත්‍යවරයා පැවසීය.

මෙම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු ප්‍රදේශවාසීන් විශාල පිරිසක් එක්ව සිටියහ.

 

Post Views: 7
Previous Post

දේශපාලකයෝ නිසා ගොවි ජනතාව අසරණ වෙලා – ඇමැති පාලිත

Next Post

ජයවර්ධනපුර සරසවිය හා මාර්තු 12 ව්‍යාපාරය අතර අවබෝධතා ගිවිසුමක්

editor

editor

Next Post

ජයවර්ධනපුර සරසවිය හා මාර්තු 12 ව්‍යාපාරය අතර අවබෝධතා ගිවිසුමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved