පවතින අධික වර්ෂාපතනය හේතුවෙන් රාජාංගනය ජලාශයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළ යාම නිසා එහි වාන් දොරටු 10ක් මේ වන විට විවෘත කර තිබේ. වාරිමාර්ග නිලධාරීන් සඳහන් කරන්නේ තත්පරයට ඝන අඩි 12,269ක ජල ධාරිතාවක් මේ හරහා කලා ඔයට මුදා හරින බවයි.
මේ හේතුවෙන් කලා ඔය දෙපස පහත්බිම්වල වෙසෙන ජනතාවට සහ කලා ඔය පරිහරණය කරන පුද්ගලයින්ට දැඩි අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ අංශ දැනුම් දෙයි. ජලාශය අවට ප්‍රදේශවලට තවදුරටත් වර්ෂාව පවතින බැවින් ජල මට්ටම ඉහළ යාම අනුව ඉදිරියේදී තවත් වාන් දොරටු විවෘත කිරීමට ඉඩ ඇති බව ද වාර්තා වේ.














