හදිසි අවස්ථාවකදී මගීන්ට වාහනයෙන් පිටතට පැමිණීමට බාධා විය හැකි අභ්‍යන්තර දොර අත්පිට (interior door handles) සහිත විදුලි මෝටර් රථ මිලියන 3 කට ආසන්න ප්‍රමාණයක් නැවත කැඳවීමට (recall) ටෙස්ලා (Tesla) සමාගම පියවර ගෙන ඇති බව චීනයේ වෙළඳපල නියාමන රාජ්‍ය පරිපාලනය (SAMR) නිවේදනය කරයි.
ලබන සැප්තැම්බර් 25 වනදා සිට ආරම්භ වන මෙම ආපසු කැඳවීමට චීනය තුළ නිෂ්පාදිත Model 3 සහ Model Y රථ මිලියන 2.9 ක් මෙන්ම ආනයනික Model 3, Model X සහ Model S රථ 46,000 ක් ඇතුළත් වේ. මීට අමතරව Xiaomi, XPeng, Geely, Chery සහ Leapmotor යන චීන විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගම් ද මෙවැනිම දොර අත්පිටවල පවතින සුරක්ෂිතතා ගැටලු හේතුවෙන් තම වාහන ආපසු කැඳවීමට පියවර ගෙන තිබේ.














