• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

පෙළපොත් 2023 වර්ෂයේ දී නිසි වේලාවට සිසුන් අතට – අධ්‍යාපන අමාත්‍යංශය

31 August 2022
in දේශීය

ඉදිරි වර්ෂය සඳහා අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යංශය පැවසුවේ 2023 වර්ෂයට අවශ්‍ය පෙළපොත් මුද්‍රණය සඳහා අවශ්‍ය ඇස්තමේන්තුගත මුදල රුපියල් මිලියන 16,483ක් බවයි.

පාසල් පෙළපොත් මුද්‍රණයට මෙන් ම විභාග ප්‍රශ්නපත්‍ර මුද්‍රණයට හා පිළිතුරු ලිවීම ආදියට අවශ්‍ය වන කඩදාසි හා ලිපිද්‍රව්‍ය ඉන්දියානු ණය ආධාර යටතේ ආනයනය කෙරෙන අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ හා ඊට අනුබද්ධ ආයතනවල කඩදාසි අවශ්‍යතා ද මෙමගින් ම සපුරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය සැලසුම් කර ඇත. ඊට අදාළ ලංසු කැඳවීම, විවෘත කිරීම ආදී පියවර මේ වන විටත් අවසන් කර ඇත.

අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව මගින් මුළු පෙළපොත් පිටපත් ප්‍රමාණයෙන් 45%ක් මුද්‍රණය කරවාගැනීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය මේ වන විට ලැබී ඇත.

ඊට අවශ්‍ය මුද්‍රණ කඩදාසි ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ලබාගැනීමට අවශ්‍ය කටයුතු අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ශාඛාව මගින් සිදු කරගෙන යනු ලැබේ. එම කඩදාසි මුද්‍රණ අවශ්‍යතාවන්ට අනුකූල වන පරිදි අදියර කිහිපයක් යටතේ ආනයනය කිරීමට සැලසුම් කර ඇත. මීට අමතර ව මුද්‍රණ සංස්ථාවට ලබා දුන් 45%ට අතිරේක ව ඉතිරි පෙළපොත් 55% සඳහා ප්‍රසම්පාදන පටිපාටිය යටතේ තෝරාගෙන ඇති පෞද්ගලික මුද්‍රණකරුවන් සඳහා ද ඔවුන්ගේ ඉල්ලීම අනුව මුද්‍රණ කඩදාසි අවශ්‍යතා ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ ලබා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය මැදිහත් ව කටයුතු කරනු ලැබේ.

 

 

 

 

Post Views: 8
Previous Post

අතුරු අයවැය පිළිබඳ දෙවනවර කියවීමේ විවාදය අදින් ඇරඹෙයි

Next Post

ගජ මිතුරු හොරුන්ව රකින්න අය වැයක් – රවි කුමුදේශ්

editor

editor

Next Post

ගජ මිතුරු හොරුන්ව රකින්න අය වැයක් - රවි කුමුදේශ්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved