තායිලන්තයේ මහා වජිරලොන්කෝන් රජුගේ වැඩිමහල් දරුවා වන බජ්රකිටියාබා නරේන්දිරා දෙබ්යාවතී කුමරිය අභාවප්‍රාප්ත වූ බව තායි රාජකීය මාළිගාව විසින් අද (12) නිල වශයෙන් නිවේදනය කරන ලදී. අභාවප්‍රාප්ත වන විට ඇය 47 වන වියේ පසුවිය.
2022 දෙසැම්බර් මාසයේදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් සිහිය නැති වූ කුමරිය, ඉන්පසු ගත වූ වසර 4කට ආසන්න කාලය පුරාම කෝමා තත්ත්වයෙන් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියාය. එම රෝගී තත්ත්වයෙන් පසු ඇය යළි සිහිය නොලැබූ අතර, රෝහල් ගතව සිටියදී මෙලෙස අපවත් වී ඇත.
රාජකීය පවුලේ ප්‍රමුඛ සාමාජිකාවක වූ බජ්රකිටියාබා කුමරියගේ අභාවය සම්බන්ධයෙන් තායිලන්ත වැසියන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සිය ශෝකය පළ කරමින් සිටිති.
















