බැංකොක් නුවර සිට පැමිණි ශ්‍රී ලාංකික භික්ෂූන් වහන්සේලා පිරිසක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් තායිලන්තයේ දොන් මුවාන්ග් ගුවන්තොටුපළ රේගුව පුළුල් අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ. තායි රේගු බලධාරීන් ප්‍රකාශ කර ඇත්තේ අදාළ භික්ෂූන් පිරිස තායිලන්තයෙන් පිටත්ව ගිය ආකාරය තහවුරු කර ගැනීම සඳහා ආගමන විගමන අංශ ඇතුළු අදාළ සියලුම ආයතන සමඟ සම්බන්ධීකරණය වෙමින් කටයුතු කරන බවයි.
දොන් මුවාන්ග් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ CCTV දර්ශන සමාලෝචනය කර සිදුකළ මූලික පරීක්ෂණවලදී අදාළ කාලසීමාව තුළ භික්ෂූන් වහන්සේලා පිරිසක් එරටින් පිටත්ව ගොස් ඇති බව තහවුරු වී තිබේ. විවිධ ගුවන් සමාගම් ඔස්සේ තායිලන්තයෙන් පිටතට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමට ගන්නා උත්සාහයන් වැළැක්වීම සඳහා තායි රේගුව අනෙකුත් ආරක්ෂක අංශ සමඟ එක්ව මේ වන විට දැඩි පරීක්ෂාවන් සිදුකරමින් පවතින බව ද වැඩිදුරටත් වාර්තා වේ.














