තායිලන්තයේ නීතිරීතිවලට සහ සංස්කෘතියට විදේශීය සංචාරකයින් වැඩිදුරටත් ගරු කළ යුතු බවට බලකරමින් බැංකොක්හි පිහිටි ඉශ්‍රායල තානාපති කාර්යාලය ඉදිරිපිට බ්‍රහස්පතින්දා (11) සියගණනක් පිරිසක් විරෝධතාවක නිරත වී තිබේ.
දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන සොන්දි ලිම්තොංකුල්ගේ නායකත්වයෙන් මෙම විරෝධතාව පැවැත්වූ අතර, ඉශ්‍රායල සංචාරකයින් කිහිප දෙනෙකුගේ නුසුදුසු හැසිරීම් හේතුවෙන් මහජන අප්‍රසාදය මතුවීම මීට හේතු වී ඇත. ඉශ්‍රායල තානාපති අලෝනා ෆිෂර්-කම් මහත්මිය තායි විදේශ අමාත්‍යවරයා හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, සංචාරකයින් සඳහා නිල සංචාරක මාර්ගෝපදේශයක් (do’s and don’ts) හඳුන්වා දීමට පියවර ගන්නා බව ඉශ්‍රායල තානාපති කාර්යාලය පවසා තිබේ.














