පසුගිය 2025 වසරට සාපේක්ෂව මෙම වසරේදී අස්වැසුම ප්‍රතිලාභීන් ලැබූ පවුල් සංඛ්‍යාව අඩකින් පමණ අඩුවී ඇති බව අද (11) පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය. 2025 වසරේදී ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,439,917ක් ලෙස සටහන් වුවද, 2026 අගෝස්තු මස වන විට එම අගය 1,251,522ක් දක්වා පහළ ගොස් ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය. සංක්‍රාන්ති සහ අවදානමට ලක්වූ කාණ්ඩ සඳහා ලබා දුන් දීමනා කාලය ක්‍රමයෙන් අවසන් වීම සහ මේ වන විට සිදුකෙරෙන නැවත සමීක්ෂණ කටයුතු මීට හේතු වී ඇති බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.














