තායිලන්තයේ පාසලක අද (අගෝස්තු 07) සිදුවූ වෙඩි තැබීමකින් එක් ගුරුවරියක් ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිසුන් ඇතුළු 15 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අධ්‍යාපන අමාත්‍යවරයා තහවුරු කර තිබේ.
අනතුරුව වහාම ක්‍රියාත්මක වූ ආරක්ෂක අංශ විසින් සිසුන් පාසලෙන් ඉවතට ගෙන ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කර ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වාර්තා වන තොරතුරු අනුව, වෙඩි තැබීම සිදුකළ තුවක්කුකරු ඉන් අනතුරුව වෙඩි තබාගෙන සියදිවි නසාගෙන තිබේ.














