කල්පිටිය සිට කොළඹ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 – 70 දක්වා වැඩි විය හැකි බැවින්, එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. එබැවින්, මෙම මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම්දෙන තුරු යාත්‍රා නොකරන ලෙස නාවික සහ ධීවර ප්‍රජාවන්ට දැඩි ලෙස දැනුම් දී ඇත.
මීට අමතරව, මඩකලපුව සිට ත්‍රිකුණාමලය, කන්කසන්තුරය සහ මන්නාරම හරහා කල්පිටිය දක්වා සහ කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලද සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50 – 60 දක්වා වැඩි විය හැකි අතර, එම මුහුදු ප්‍රදේශද විටින් විට රළු විය හැක. එම නිසා, එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන පිරිස් ඒ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන ලෙසත්, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ඉදිරි නිවේදන කෙරෙහි නිරන්තර අවධානයෙන් සිටින ලෙසත් ඉල්ලා සිටී.














