තායිලන්ත දේශපාලනයේ ප්‍රබලම චරිතයක් වන හිටපු අග්‍රාමාත්‍ය තක්ෂින් ශිනවත්‍රා මහතා මාස අටක සිරදඬුවම් කාලයක් අවසන් කිරීමෙන් පසු අද (11) නිදහස ලබා තිබේ. අද පෙරවරු 7:40 ට පමණ බැංකොක්හි ක්ලෝන්ග් ප්‍රෙම් මධ්‍යම බන්ධනාගාරයෙන් පිටතට පැමිණි 76 හැවිරිදි තක්ෂින් මහතා පිළිගැනීම සඳහා ඔහුගේ දියණිය වන පැටොන්ග්ටාර්න් ශිනවත්‍රා ඇතුළු පවුලේ පිරිසක් සහ විශාල ආධාරකරුවන් පිරිසක් පැමිණ සිටියහ.
දඬුවම් කාලයෙන් තුනෙන් දෙකක් ගෙවා අවසන් කිරීම හේතුවෙන් ඔහුට මෙම සමාව හිමි වූ අතර, ඉතිරි කාලය තුළ ඔහු විද්‍යුත් පාද සංදර්ශකයක් (Electronic ankle monitor) පැළඳ සිටිය යුතු බව බන්ධනාගාර බලධාරීන් දැනුම් දී තිබේ. වසර 15ක විදේශ වාසයෙන් පසු 2023 දී මෙරටට පැමිණි ඔහුට වසර අටක සිරදඬුවමක් නියම වූ අතර තායිලන්ත රජු විසින් එය වසරක් දක්වා අඩු කරනු ලැබීය.
කෙසේ වෙතත් සිරදඬුවම් කාලය තුළ හෘදයාබාධ පවසමින් රෝහල්ගත වූ ඔහු මාස හයක් රෝහලේ ප්‍රභූ අංශයේ රැඳී සිටි අතර, එය හිතාමතාම රෝහල් කාලය දීර්ඝ කිරීම සඳහා වෛද්‍යවරුන් සමඟ එක්ව කළ වංචාවක් බවට ශ්‍රේෂ්ඨාධිකරණය පසුව තීන්දු කළේය. වසර 25ක් පුරා තායි දේශපාලනය මෙහෙයවූ තක්ෂින්ගේ ‘පියු තායි’ පක්ෂය පසුගිය මැතිවරණයේදී පසුබෑමකට ලක් වුවද, ඔහුගේ නිදහස එරට දේශපාලනයේ නව හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇතැයි ඔහුගේ ආධාරකරුවෝ විශ්වාස කරති.
















