තලංගම පොලිස් වසමේ අකුරේගොඩ පිහිටි සුපිරි වෙළඳසැලක රථගාලේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය මහජන සහාය ඉල්ලා සිටියි. දෙදහස් විසිහය වසරේ පෙබරවාරි දහසය වන දින සිදු වූ මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සඳහා වෙඩික්කරුවන් රැගෙන ගිය මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කර ඇත්තේ ඉමදුව, පරගොඩ, වීරසිංහ මල්ශාලාව ලිපිනයේ පදිංචි ජාතික හැඳුනුම්පත් අංක 199714103549 දරන කළුආරච්චි ලියනගේ නිලුක්ෂ වීරසිංහ නමැති සැකකරු බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මෙම සැකකරු පිළිබඳව කිසියම් තොරතුරක් වෙතොත් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයාගේ බින්දුවයි හතයි එකයි අසූ පහයි අනූ දෙකයි දෙසිය හැත්තෑ නවය (071-8592279) හෝ ස්ථානාධිපතිවරයාගේ බින්දුවයි හතයි එකයි අසූ පහයි අනූ හයයි බින්දුවයි හැට පහ (071-8596065) යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














