27 April 2024
#දේශීය

තඹුත්තේගම පොලිස් සැරයන් බැංකු කොල්ලයක් නවත්වයි

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම නගරයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී තඹුත්තේගම නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 223 කට ආසන්න මුදලක් මංකොල්ල කෑමට ගත් උත්සහය තඹුත්තේගම පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයකුගේ මැදිහත්වීමෙන් වලක්වා ගැනීමට ඊයේ (26) පස්වරු‌වේ හැකි වී ඇත.

මංකෝලයට පැමිණි ආයුධ සන්නද්ද මංකොල්ලකරුවන් දෙදෙනා මෙල්ල කර ගෙන එම අවස්ථාවේදීම අත්අඩංගුවට ගැනීමට තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් 42313 බුද්ධික කුමාර නිලධාරියා නිළධාරීයා සමත්ව ඇත.මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ රාජාංගනය ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනකු බව තඹුත්තේගම පොලීසිය පවසයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 48 හා 50 වයස්වල පසුවන තඹුත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.

සැකකරුවන් භාරයේ තිබී මෙරට නිෂ්පාදිත බෝර 12 ගිනි අවියක්, බෝර 12 පතරොම් 01ක්, මන්නා පිහියක්, අත්වැසුම්, ජංගම දුරකථනයක් සහ යතුරු පැදියක්ද පොලිස් භාරයට ගෙන ඇත.

අද (26) පස්වරු 02 ට පමණ තඹුත්තේගම නගරයේ පිහිටි ප්‍රමුඛ පෙළේ පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී මෙම මංකොල්ලය සිදු කිරීමට උත්සහ දරා ඇත. අදාළ බැංකුවට මුදල් තැන්පත් කිරීම සඳහා මෝටර් රථයකින් පැමිණි තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරයක් පවත්වාගෙන යන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ මුදල් මුහුණු ආවරණය කරගෙන අංක තහඩු නොමැති යතුරු පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනා පැහැර ගැනීමට උත්සහ දරා ඇත, මෙරට නිෂ්පාදිත බෝර 12 වර්ගයේ ගිණි අවියක් හා තියුණු පිහියක් සහිතව ආයුධ සන්නද්දව කොල්කරුවන් සිට ඇති අතර, ඔවුන් ආයුධ පෙන්වා ව්‍යාපාරිකයාට පෙන්වා බිය ගන්වා මුදල් පැහැර ගෙන ඇත.සැකකරුවන් දෙදෙනා මුදල් මංකොල්ලකා පලා යන අවස්ථාවේදී එම ස්ථානයෙන් ගමන්කළ තඹුත්තේගම පොලිස් ස්ථානයේ විවිධ පැමිණිලි අංශයේ පොලිස් සැරයන් 42313 බුද්ධික කුමාර නිලධාරියා නිර්භීතව ක්‍රියා කරමින් මෙම ආයුධ සන්නද්ධ සැකකරුවන් මෙල්ල කර අත්අඩංගුවට ගෙන රුපියල් ලක්ෂ 223ක මුදලද පොලිස් භාරයට ගැනීමට එම අවස්ථාවේදීම කටයුතු කර ඇත. ඒ අවස්ථාවේ පොලිස් නිළධාරියා සමඟද පොර බදා ඔහුටද කොල්ලකරුවන් ගිණි අවිය එල්ල කර ගිණි අවිය ක්‍රියාත්මක කිරීමටද උත්සහ කර ඇතත්, එය ක්‍රියාත්මක නොවූ බවද සිද්ධියට මුහුණ දුන් පොලිස් නිළධාරියා පැවසීය.කොල්ලකරුවන් සතුව තිබී මිරිස් කුඩුද තමන්ගේ මුහුණට එල්ල කළ බවත්, කෙසේ හෝ කොල්ලකරුවන් දෙදෙනා මෙල්ල කිරීමට තමන් කටයුතු කළ බව බුද්ධික කුමාර නිළධාරීතුමන් පැවසීය.

අනතුරුව තඹුත්තේගම පොලිස් ස්ථාන නිළධාරීන් පැමිණ සැකකරුවන් දෙදෙනා හා ඔවුන් සතුව තිබූ ගිණි අවිය හා පතරොම් 1, තියුණු පිහිය හා සොරා ගැනීමට උත්සහ කළ මුදල්, ඔවුන් පැමිණි යතුරු පැදිය ඇතුළු භාණ්ඩ කීපයක් පොලිස් භාරයට ගෙන ඇත. සැකකරුවන් මේ වන විට තඹුත්තේගම පොලිස් ස්ථානයේ රඳවා සිටින අතර, තඹුත්තේගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරී ජීව හසන්ත සිරිසේන මහතාගේ උපදෙස් මත, තඹුත්තේගම පොලිස් ස්ථානාධිපති එන්.ජේ අතුකෝරළ මහතා ඇතුළු නිළදාරීන් පරීක්ෂණ පවත්වයි.

 

තිසර සමල් – එප්පාවල

Leave a comment

Your email address will not be published. Required fields are marked *