27 April 2024
#දේශීය

14 වැනි ආසියානු අපරාධ විද්‍යා සමුළුව කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේදී පැවැත්විණ

14 වැනි ආසියානු අපරාධ විද්‍යා සමුළුව – 2023 සමාප්ති උත්සවය ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්නගේ සහභාගීත්වයෙන් ඊයේ ( 29)දින රත්මලාන කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපාධි අධ්‍යයන පීඨයේදී පැවැත්විණි.

මෙම උත්සවයේ සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා වූ අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය මහතා සහ ආරක්‍ෂක ලේකම්වරයා, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර විසින් පිළිගනු ලැබීය.

“අපරාධ සහ අපරාධ යුක්තිය: ආසියාවේ තිරසාර සංවර්ධනය, සාමය සහ ආරක්‍ෂාව” යන තේමාව යටතේ ආසියානු අපරාධ විද්‍යා සංගමය සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ අපරාධ යුක්ති පීඨය එක්ව සංවිධානය කළ මෙම තෙදින සමුළුව පසුගිය සිකුරාදා (27) ආරම්භ විය.

මෙම අවස්ථාවට ආසියානු අපරාධ විද්‍යා සමුළුවේ සභාපති මහාචාර්ය ආර්. තිලකරාජා, ආසියානු අපරාධ විද්‍යා සමුළුවේ සහ කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නිලධාරීන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

15 වන ආසියානු අපරාධ විද්‍යා සමුළුව – 2024 ජූලි 4, 5 සහ 6 යන දිනවල පිලිපීනයේ මැනිලා හිදී පැවැත්වීමට නියමිතය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *