• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මත්තල ගුවන්තොටුපළේ ගිවිසුම් විනිවිද වෙන්න ඕන

18 July 2018
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මත්තල ගුවන්තොටුපල සදහා ආයෝජන ගිවිසුම් සකස් කිරීමේ දී ජාතික අභිලාශයන් පෙරදැරිව, විනිවිද භාවයකින් කටයුතු කිරීම දේශපාලනඥයින්ගේ ද, රාජ්‍ය නිලධාරීන්ගේ ද වගකීමක් බව ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රයේ සහ කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා පවසයි. 

ඒ මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ හම්බන්තොට වරාය සම්බන්ධයෙන් වන ගණුදෙණුවේ දී කිසිදු විනිවිද භාවයකින් තොරව කටයුතු සිදුවී ඇති අතර, එය දේශපාලනඥයින් හා නිලධාරීන්ගේ අවශ්‍යතාව මත ජාතික අභිලාෂයන් නොතකා සිදු කළ දුෂිත ගණුදෙනුවකි. එවැනි තත්වයක් යලි ඇතිවීම වලක්වා ගැනීම නම් මත්තල ඒකාබද්ධ ආයෝජනය සම්බන්ධයෙන් වන ගිවිසුම විනිවිද භාවයක් සහිතව සිදු කළ යුතු බවයි. 

එම නිවේදනය වැඩිදුරටත් මෙසේය… 

මත්තල ගුවන්තොටුපල සදහා වැය වූ මුදල ඇ.ඩො. මිලියන 252 කි. එයින් ඇ.ඩො. මිලියන 190 ක් ලැබුණේ චීනයේ එක්සිම් බැංකුවෙනි. ලංකා රජය සතු ගුවත් තොටුපල හා ගුවන් සේවා සමාගම ඩොලර් මිලියන 19 ක් ආයෝජනය කළ අතර අතිරේක වැඩ සදහා ගුවන් තොට ඉදිකළ චයිනා හාබර් ඉන්ජිනියරින් සමාගමට ගෙවීමට සිදුවූ මුදල ඩොලර් මිලියන 38.7 කි. ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගම තවත් ඩොලර් මිලියන 4 ක් අතිරේක භාණ්ඩ සදහා වැය කළේය. ඒ අනුව, සමස්ථ ආයෝජනය ඩොලර් මිලියන 252 ක වැය කොට ඇත්තේ චීන එක්සිම් බැංකුව හා ලංකා පුරවැසියන්ගේ මුදල් වලිනි.

චීන බැංකුවෙන් ලැබුණු ණය මුදලට 2% ක වාර්ෂික පොලියක් ගෙවිය යුතු අතර, එය වසරේ මාර්තු සහ සැප්තැම්බර් මස හීනවන ශේෂය මත ගණන් බැලිය යුතුය. 2010 මාර්තු 10 ගිවිසුම අත්සන් තැබීමෙන් පසුව මේ දක්වා ආපසු ගෙවා ඇති ණය මුදල ඩොලර් මිලියන 38 කි. ඒ අනුව තවත් ඩොලර් මිලියන 152 ක් 2018 . 03 .31 දිනට ශ්‍රී ලංකා රජය චීනයට ගෙවිය යුතුයි.

මත්තල ගුවන්තොටුපල මෙහෙයුම් කටයුතු ආරම්භ වන්නේ 2013 මාර්තු 18 වන දිනයි. 2013 දී මත්තල ලැබූ ආදායම රු. මිලියන 48 කි. එම වසරේ වියදම රු. මිලියන 2,828 කි. 2014 දී රු. මිලියන 3,235 ක් වැය වන විට ලැබූ ආදායම රු. මිලියන 136 කි. 2015 දී මත්තල රු. මිලියන 5,947 ක් වැය කර මිලියන 72 ක ලාභයක් ලැබීය. 2016 දී මි. 49 ක් ද, 2017 දී මිලියන 78 ක් ද, 2018 මැයි දක්වා මිලියන 14 ක ආදායමක් ද ලබන මත්තල ගුවන් තොටුපල පිළිවෙළින් එම වර්ෂවල මිලියන 3,898, 3,390 හා 1,896 ක් ලෙස පාඩු ලබන්නේය.

මත්තලට ලබාගත් ණය මුදලට ගෙවීමට ඇති මුදල ඩොලර් මිලියන 152 ක් හෙවත් රු. මිලියන 24,320කි. ඉද හිට හදිසි අවස්ථාවක දී පැමිණෙන ගුවන් යානයක් හැර වෙනත් ආදායමක් නැති නිසා රු. මිලියන 4,000 කට ආසන්න පාඩුවක් එයට දැරීමට ලංකා රජයට සිදුවේ.

2017 දී ජාත්‍යන්තර ගුවන් යානා මගින් ලංකාවට පැමිණි මගීන් ගණන 3773 කි. පිටත්ව ගිය මගීන් ගණන 12,947 කි. ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය මත්තල ගුවන් ගමන් අවසන් කිරීමත් සමගම විදේශගතවීම සදහා මත්තල යොදා ගන්නා පිරිස සීමා විය. 2016 වසර පුරාම මත්තලට පැමිණි මගීන් ගණන 2,176 කි. මත්තලින් පිටත්ව ගිය මගීන් සංඛ්‍යාව 2,629 කි.

2013 මාර්තු මස මත්තල ආරම්භවිමෙන් පසු එම වසරේ 36137 දෙනෙකු පැමිණිම සහ පිටවීම සඳහා ගුවන් තොටුපල භාවිත කර ඇති අතර එයට අමතරව පුද්ගලයින්10 938 ක් ට්‍රාන්සිට් මඟින් මත්තල භාවිත කොට ඇත. 2014 වසරේදී පැමිණිම පිටවීම සඳහා ගුවන්තොටුපොළ කර පිරිස 40386 කි වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව 2015 සහ 2016 වසරේදී පැමිණීම සහ පිටවීම සදහා මත්තල භාවිත කොට ඇත්තේ 6291 සහ 6207 ක් පමණි. 2017 වසරේදී පැමිණි පිටවුනු මඟි සංඛ්‍යාව22972කි. අයහපත් කාළගුණ තත්වයක් පැවති අවස්ථාවලදී කටුනායක වෙත පැමිණි ගුවන් යානා මත්තල වෙත හරවා යැවීම හේතුවෙන් 2017 වසරේ වාර්තාගත ට්‍රාන්සිට් මඟින් සංඛ්‍යාවක් එනම් 40949ක් මත්තල භාවිත කළේය. 2018 ජුනි 30 දක්වා මඟීන් 2363ක් මත්තල භාවිත කොට ඇත. මේ වසරේ ට්‍රාන්සිට් මගීන් සංඛ්‍යාව10906කි ඒ අනුව 2013 මාර්තු මස මත්තල ගුවන් තොටුපල ආරම්භ වීමෙන් පසුව පසුගිය ජුනි 30 දින දක්වා පැමීනිම- පිටවීම සඳහා මඟීන් 114356ක් මත්තල තොටුපොල භාවිත කර ඇති අතර පුද්ගලයින් 70188 කට ට්‍රාන්සිට් පහසුකම් ද සැලසී ඇත.

මත්තල ගුවන්තොටුපල සදහා වැය ණය මුදල් පියවා ගැනීම සදහා ලාභදායි විද්‍යාත්මක ප්‍රවේශයකින් විකල්ප ගුවන්තොටක් ලෙස මත්තල වැඩි දියුණු කිරීමේ අවස්ථාව පවතී. ඒ සදහා විනිවිද භාවයකින් යුතුව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ද, කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

 

 

Post Views: 1
Previous Post

රනිල් වැව් විකුණන බව ජානිපෙ කියයි

Next Post

සුසිල් දේශපාලනයෙන් සමු ගනි

editor

editor

Next Post

සුසිල් දේශපාලනයෙන් සමු ගනි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved