27 April 2024
#දේශීය

මිතුරන් සමඟ දිය නෑමට ගිය පිරිමි දරුවා මරුට

නොච්චියාගම, කලාඔයේ දිය නෑමට ගිය වයස අවුරුදු 12 ක් පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

එම දරුවා සාලිය වැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ (01) පස්වරුවේ මිතුරන් කිහිප දෙනෙකු සමඟ කලාඔය ආසන්නයේ ඇති දේවස්ථානයකට යන බව දෙමාපියන්ට දන්වා නිවසින් පිටව ගොස් ඇති අතර පසුව කලාඔයේ දීය නෑමට ගොස් සිටියදි මෙම අනතුර සිදුව ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් නොච්චියාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *