• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

විකාශන අධිකාරි පනත මාධ්‍ය මර්දනය කරන්නේ නෑ – රාජ්‍ය අමාත්‍ය රෝහණ

20 June 2023
in දේශීය

‍ආණ්ඩුව විසින් ගෙන ඒමට නියමිත විකාශන අධිකාරි පනත මාධ්‍ය මර්දනය සදහා ගෙන එනු ලබන පනතක් නොවන බවත් ඒ පිළිබදව විපක්ෂයේ සිටින පිරිස් විසින් සමාජය තුල බොරු බියක් මවාපාමින් දේශපාලන වාසි ලබා ගැනිමට උත්සහ දරුණ බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක “අපට ගෙයක්- රටට හෙටක්” වැඩසටහනේ උකුවෙල සහ රත්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ප්‍රතිලාභින් හට චෙක්පත් ලබා දෙිමේ උත්සවයට මාතලේ ඇම්.සි පාර සිය කාර්යාලයේදි එක්විමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු රාජ්‍ය අමාත්‍යවරයා ” විපක්ෂයේ සිටින නායකය් විසින් මිඩියා ෂෝ දමමින් අද කටයුතු කරනවා.පසුගිය ආණ්ඩු කාලයේ නිවාස සංවර්ධන අධිකාරිය යටතේ විවිධ අයට ප්‍රතිලාභ ලබා දිමේදි එක එක හැදිවලින් බෙදුවා.අපට ඒවා මතකයි.විපක්ෂ නායකයා අමාත්‍යවරයා විදිහට එක පුංචි ගෙයක් හදලා රට වටේම පොස්ටර්,කටවුට් ගහනවා.අපි එහෙම කරන්නේ නැහැ.අද ආණ්ඩුව මුල්‍ය අපහසුතා තිබුණත් ජනතාව ලබා දිය හැකි සහනයන් ලබා දෙනවා.සජිත්ට තියෙන්නේ මොනව හරි දොඩවලා හවස රූපවාහනියේ පෙන් සිටියේ උණක් ඒක සුව කරන්න අපට බැහැ.ජනතාව මේවා තේරුම් අරන් ඉන්නේ.එදා බලය අතට දෙන වෙලාවේ ගත්තේ නැහැ.දැන් විකාර දොඩවනවා.වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අභීයෝග බාර ගෙන රට අලුත් දිසාවකට අරන් යනවා.රට දැන් ක්‍රමයෙන් නැගි සිටිනවා. 2023 වසරේ මුල් මාස කිහිපය තුළ අපේ රට විරුවන් ඩොලර් මිලියන 2347ක් එවලා තියනවා.එය ගිය වසරට වඩා සියයට 76ක වර්ධනයක් මේ තුළින් ජනතාව සහන ලැබෙනවා.අද වන විට ජනතාව යම් යම් සහන ලැබෙමින් තියනවා.ඉදිරි මාසයේදි විදුලි බිල සාමන්‍ය ලෙස අඩුවෙනවා.ඉදිරි කාලයේදි තවත් අඩුවේවි ජනතාව වාස රැසක් ලබා දෙන්න රජය සුදානම් නමුත් මේ දේවල් කරනකොට විපක්ෂය විවිධ මඩ අවලාද සිදු කරමින් කටයුතු කිරිම කණාගාටුවට කරුණක්.අද වන විට විපක්ෂයේ සිටින මන්ත්‍රිවරුන්ද මේ තත්වය තේරුම් අරන් ඉන්නේ.ඉදිරියේදි ඔවුන්ගෙන් බහුතරයක් සහය දෙන්න සුදානම්.විපක්ෂ නායකයා පක්ෂයේ තනිවෙන දිනය වැඩි ඈතක් නැහැ යැයිද රාජ්‍ය අමාත්‍යරවයා පැවසිය.

මෙම අවස්ථාව සදහා ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කළමණාකාරිණි චින්තා විජේසිංහ මහත්මිය ඇතුලු ප්‍රාදේශිය දේශපාලන අධිකාරයේ පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

Post Views: 6
Previous Post

බ්‍රිතාන්‍ය-ශ්‍රී ලංකා සබඳතා ප්‍රවර්ධනය ගැන අගමැතිගෙන් පැසසුම්

Next Post

ගොවීන් සහ පාරිභෝගිකයන් සිදු වු පිඩාවට පාඩු පියවා ගන්න – විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

ගොවීන් සහ පාරිභෝගිකයන් සිදු වු පිඩාවට පාඩු පියවා ගන්න - විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved