කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය පීඨයේ 2021/24 ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධි (DBA) කණ්ඩායමේ හමුව පසුගියදා කොළඹ Jetwing හි Verticle උත්සව ශාලාවේ දී පැවැත්විණි. ආකර්ෂණීය අයුරින් සංවිධානය කර තිබූණි.
එම උත්සව අවස්ථාව සඳහා කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ හා මූල්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්.පී.පී.ධර්මදාස, පශ්චාත් උපාධි හා මධ්‍ය වෘත්තීය සංවර්ධන ඒකකයේ සම්බන්ධීකාරක මහාචාර්ය බී. නිශාන්ත, ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධි සම්බන්ධීකාරක මහාචාර්ය තරුෂා ගුණරත්න යන මහත්ම මහත්මීන්ගේ සහ ව්‍යාපාර කළමනාකරණ ආචාර්ය උපාධි පාඨමාලාවේ පළමු සහ දෙවන අධ්‍යයන වාර කථිකාචාර්ය වරුන් සහ 2021/24 සිසුන් කණ්ඩායමේ සමාජිකයන්ගේ සහභාගිත්වයෙන් පැවැත්විය.
කොළඹ විශ්වවිද්‍යාලය යනු දශක ගණනාවක් පුරා ලාංකේය අධ්‍යාපන කේෂේත්රයේ පුරෝගාමී සේවාවක නිරත ආයතනයකි. ජාත්‍යන්තර තලයේ ශ්‍රේණිගත කිරීම් හිමිකර ගැනීමට ද සමත් වූ මෙය පුමුඛ පීඨ නවයකින්, ආයතන හතකිරන්, මෙන්ම මධ්‍යස්ථාන කීපයකින් සහ ඒකක සහ අධ්‍යාපන ආයතනය කීපයකින්ද සමන්විතව අග නගරය ආශ්රත විශ්වවිද්‍යාලයක් ලෙස ක්‍රියාත්මක වන්නකි.
1994 වසරේ මැයි මාසයේ දී ආරම්භ කරනු ලැබූ කොළඹ විශ්වවිද්‍යාල කළමනාකරණ සහ මූල්‍ය පීඨය, දේශීය මූල්‍ය සහ කළමනාකරණ අධ්‍යාපනය ඉහළ නැංවීම උදෙසා පර්යේෂණ, ඉගැන්වීම්, උපදේශන සහ ප්‍රජා සේවාවන්ගේ විශිෂ්ඨ ආකාරයේ කාර්යභාරයක නිරත වන ආයතනයකි. විශේෂයෙන් විනයගත අධ්‍යාපනයකට නැඹුරු කරමින්, ව්‍යාපාරික ප්‍රායෝගිකත්වය සහ කුසලතා සංවර්ධනය වැනි පුළුල් වූ ක්ෂේත්‍ර පරාසයක පැතිරුණු උපාධි, පශ්චාත් උපාධි සහ විධායක ශ්‍රේණිය ඉලක්ක කර ගනිමින් පාඨමාලා රැසක් ක්‍රියාත්මක කරන මෙම ඒකකය මඟින්, MPhil/PhD, DBA, සිට Master of Business Administration (MBA) ද සමඟින් විවිධ අංශයන් යටත් විශේෂිත MBAs, Executive MBA, postgraduate diplomas, undergraduate degrees, executive diplomas සහ diploma පාඨමාලාවක් දියත් කරනු ලබයි.
කළමනාකරණ න්‍යාය, පරිචය සහ පර්යේෂණ ආදී අධ්‍යයන අංශයන්ගෙන් යුතුව කළමනාකරණ සහ මූල්‍ය පීඨය මගින් පවත්වනු ලබන මෙම DBA පාඨමාලාව, රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තිකයන් සහ ජ්‍යෙෂඨ කළමනාකාරවරුන් හට ඔවුන්ගේ ක්ෂේත්රවල වෘත්තිකයින්-පර්යේෂකයන් වීමේ අපේක්ෂාවන් සැබෑ කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන්නකි.
වසර තුනක, අධ්‍යයන වාර හයකින් සමන්විත මෙම පාඨමාලාව තුළින් කළමනාකරණය සහ පර්යේෂණ ක්‍රමවේද සම්බන්ධ අවකාශයන් රැසක් ආවරණය කරන අයුරින් මෙම වැඩසටහන සැළසුම් කර ඇති අතර, පර්යේෂණ නිපුණතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් වැඩමුළු සහ සම්මන්ත්රණ මාලාවක් ද ක්‍රියාත්මක වේ. තවද අනුමත මාතෘකා ඔස්සේ සම්පූර්ණ කරනු ලැබූ ප්රායෝගිකත්වයට නැඹුරු ව්‍යාපෘති ඉදිරිපත් කිරීමේ අවස්ථාවද ලබා දී ඇත.
ක්ෂේත්රයේ පුහුණුව ලත් ප්‍රවීණ විශ්වවිද්‍යාල ආචාර්ය මණ්ඩලයකගේ සහභාගීත්වයෙන් මෙම පාඨමාලාව ක්‍රියාත්මක වන අතර, සිසුන්ගේ නිබන්ධන සඳහා ලොව ප්රමුඛපෙළේ විශේෂඥයන් සහ ප්‍රවීණයන්ගෙන් සැදුම්ලත් මණ්ඩලයකගේ මග පෙන්වීම සිදුකරයි. මෙයට අමතරව සිසුන්ගේ ප්‍රගතිය නිරීක්ෂණය කිරීම, සමාලෝචනය මෙන්ම සිසුන්ගේ පර්යේෂණ සඳහා පහසුකම් සැළසීම ද මෙම පාඨමාලාව හා සබැඳි කාර්යයන් වේ.
මෙම DBA පාඨමාලාවේ නව බඳවාගැනීම සඳහා වන අයදුම්පත් බාරගැනීම මේ වන විට සිදුවන අතර, ඒ සම්බන්ධ වැඩි විස්තර කොළඹ විශ්වවිද්‍යාලයේ කළමනාකරණ සහ මූල්‍ය අධ්‍යාංශයේ වෙබි අඩවියෙන් (mgmt.cmb.ac.lk/course/dba) ලබා ගත හැකිය.
පිටපත – PR