• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමනලවැව ජලාශයෙන් කෘෂිකර්මාන්තයට ජලය නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවේ

7 August 2023
in දේශීය

පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ අර්බුදයට මුහුණ පෑමට සිදුව ඇති කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය කරන ජල ධාරිතාව සමනළ වැව ජලාශයෙන් නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී ඇති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක මහතා පවසයි.

අද පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර ඒ අනුව කෘෂිකාර්මික කටයුතු සඳහා අවශ්‍ය ජලය උඩවලව ජලාශයට නිකුත් කිරීමට මේවන විටත් අදාළ බලධාරීන්ට දැනුම් දී ඇති බව ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේය.

අනපේක්ෂිත වැසි රහිත කාලගුණික තත්වය නිසා කෘෂිකාර්මික අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය ජලය සමනළවැව ජලාශයෙන් නිකුත් කිරීමට සහ විදුලිබල උත්පාදනයට සිදුවන බලපෑම කළමනාකරණය කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන්, විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, විදුලිබල මණ්ඩලයේ සභාපති, සාමාන්‍යාධිකාරි, විදුලිබල මණ්ඩලයේ පද්ධති පාලන ඒකකයේ නිලධාරීන් සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගේ සහභාගිත්වයෙන් අද පෙරවරුවේ පැවැත්විණ.

අඛණ්ඩව විදුලිබල සැපයීමක් ලබා දීම සහ කෘෂිකර්මාන්තයට අවශ්‍ය පහසුකම් සැපයීම රජයේ ප්‍රතිපත්තිය බව සහ අනපේක්ෂිත කාලගුණික වෙනස්කම් අතරතුර පවා ඒ වෙනුවෙන් ලබාගත හැකි විකල්ප පියවර ලබාගැනීමේ අවශ්‍යතාවය මෙහිදී අමාත්‍ය කංචන විජේසේකර විසින් පැහැදිලි කර ඇත.

එමෙන්ම අඛණ්ඩව විදුලිබල ලබාදීම සදහා විදුලිබල මණ්ඩලය පූර්ව සූදානමකින් පසුවීම අත්‍යවශ්‍ය හෙයින්, කාලගුණික වෙනස්වීම් නිසා උද්ගතවන තත්වයන් සම්බන්ධයෙන්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේද අවශ්‍යතාවයන් කඩිනමින් ලබාගැනීමේ අවශ්‍යතාවය ද අමාත්‍යවරයා පැහැදිලි කර තිබේ.

එසේම හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වන කෘෂිකාර්මික දිවිපෙවතක් ගතකරන මහජනතාව, පවතින වැසි රහිත කාලගුණික තත්වය හේතුවෙන් පත්ව ඇති පීඩාවන් සම්බන්ධයෙන් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය ඩී.වී චානක, එම මහජනතාවට තම කෘෂිකාර්මික කටයුතු කරගෙන යාමට අවශ්‍ය ජලය ලබාදීමේ අත්‍යාවශ්‍යතාවය සම්බන්ධයෙන් නිලධාරීන් දැනුවත් කරන ලදී.

අනපේක්ෂිත වැසිරහිත කාලගුණික තත්වය යටතේ අඛණ්ඩව විදුලිබලය ලබාදීමට හා කෘෂිකාර්මික කටයුතු සදහා ජලය ලබාදීමටත් , පානීය අවශ්‍යතාවයන් සදහා අවශ්‍ය ජලය නිකුත් කිරීමටත් හැකියාව සොයාබලා ඒ සදහා වන විකල්ප යෝජනා හතරක් සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලද අතර එම යෝජනා සියල්ල අමාත්‍ය කංචන විජේසේකර විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

Post Views: 38
Previous Post

ඊශ්‍රායලයේ සාත්තු සේවා සදහා මේ වසරේදී පමණක් ශ්‍රමිකයින් 241 දෙනෙක් යවලා – ඇමැති මනුෂ

Next Post

අභියාචනාධිකරණ වැඩබලන සභාපති ලෙස සෝභිත රාජකරුණා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

editor

editor

Next Post

අභියාචනාධිකරණ වැඩබලන සභාපති ලෙස සෝභිත රාජකරුණා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved