27 April 2024
#දේශීය #පුවත්

පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් – මුජිබර් රහුමාන් 

පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව සමගි ජන බලවේග මැද කොළඹ ප්‍රධාන සංවිධායක මුජිබර් රහුමාන් මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ අද (18) විපක්ෂ නායක කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමිනි.

වැඩිදුරටත් අදහස් දක්වමින් මුජිබර් රහුමාන් මහතා පැවසුවේ , ‘‘පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ. වෙන කවුරුත් පොහොට්ටුවෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නේ නෑ. ප්‍රසන්න රණතුංගත් කියලා තිබෙනවා රනිල් වික්‍රමසිංහට එක් අවස්ථාවක් දෙන්න ඕන කියලා. මහින්ද රාජපක්ෂ කියනවා රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයාට සුදුසුදු කියලා සලකා බලනවා කියලා. රෝහිත අබේගුණවර්ධන කිව්වා පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂක ලැයිස්තුවේ රනිල් වික්‍රමසිංහගේ නමත් තිබෙනවා කියලා. මේ සුදානම් වෙන්නේ රනිල් වික්‍රමසිංහ ජනාධිපති අපේක්ෂකයා කරන්න. එක්සත් ජාතික පක්ෂයත් කියනවා ජනාධිපති අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ කියලා. රාජපක්ෂලාට තිබෙන නඩු යටපත් කරන්න වික්‍රමසිංහ අවශ්‍ය වෙනවා. වික්‍රමසිංහට බලය රැක ගන්න රාජපක්ෂලාගේ සහය අවශ්‍ය වෙනවා. රනිල් වික්‍රම​සිංහට එජාප නායකධුරය රැකගන්නත් උදව් කළේ මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිස. එක්සත් ජාතික පක්ෂය කියනවා රනිල් වික්‍රමසිංහ ලක්ෂ 100 ක් ඡන්ද ගන්නවා කියලා. නමුත ගිය මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ගත්තේ ඡන්ද ලක්ෂ දෙකයි. ලක්ෂ දෙක කොහොමද ලක්ෂ 100 ක් බවට පත්වෙන්නේ. ජනතාව විශ්වාස කරන දේවල් පවසන්න ඕන. එහෙම නැති දේවල් කියලා තමයි එක්සත් ජාතික පක්ෂය විනාශ වුණේ“යැයි මුජිබර් රහුමාන් මහතා වැඩිදුරටත් පැවසුවේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *