27 April 2024
#දේශීය #පුවත්

අත්දැකීම් නැති කෙනෙක් ජනාධිපති කරන්න බෑ – ඇමති ප්‍රසන්න

අත්දැකීම් නොමැති ජනාධිපතිවරයකු පත්කරගෙන රට නැවත අනතුරේ හෙලිය නොහැකි බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (18) මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැඟු ප්‍රශ්න වලට පිලිතුරු දෙමිනි.

ආර්ථික අර්බුධය විසඳා රට ස්ථාවර කිරීමට වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු බව තමන් පුද්ගලිකව විශ්වාස කරන බව හෙතෙම පැවසිය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙසේ අදහස් පල කලේය“ අපෙක්ෂකයෙක් ඉදිරිපත් කරනවද නැද්ද කියල පොහොට්ටුව පක්ෂයක් විදියට තවම තීන්දුවක් අරගෙන නැහැ.ඒක ඉදිරියේදී තින්දු කරාවි. මහ මැතිවරණයක් පවත්වන්නේ ප්‍රදේශයේ ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටුකරන්න පුළුවන් පුද්ගලයන් පත්කරන්නයි. හැබැයි ජනාධිපතිවරයෙක් පත් කරන්නේ රටේ ජාතික ප්‍රශ්න විසඳන්නයි. උදාහරණයක් කිව්වොත් 2005 දි මහින්ද රාජපක්ෂ මහත්තයව පත්කලේ යුද්ධය අවසන් කරන්නයි. ‍ඒ වගේම මිනිස්සු මෛත්‍රීපාල මහත්තයට ඡන්දය දුන්නේ රටේ යහපාලනය ඇති කරන්නයි. හැබැයි එතුමා ඒක කරාද නැද්ද කියල ජනතාව තීන්දු කරාවි. ගෝඨාභය රාජපක්ෂ මහත්තයව ගෙනාවේ ජාතික ආරක්ෂාව සුරක්ෂිත කරන්නයි. වර්තමානයේ රටේ තියෙන ලොකුම අර්බුධය තමයි ආර්ථික අර්බුධය. අද කතා කරන නායකයෝ ඔක්කොම පැනල ගියපු වෙලාවක ආර්ථික අර්බුධය විසඳීමෙ වගකීම භාර ගත්තේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා විතරයි. ඒ නිසා ආර්ථික අර්බුධයෙන් රට බේරාගෙන රට ස්ථාවර කරන්න රනිල් වික්‍රමසිංහ මහත්තයට තවත් අවස්ථාවක් දියයුතු බව මම වගේම බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. ඊට පස්සෙ පුළුවන් හොරු අල්ලන අය, කයිවාරු ගහන අය පත්කර ගන්න. හැබැයි රටේ ජාතික ප්‍රශ්නය විසඳන්න වත්මන් ජනාධිපතිතුමාට තවත් අවස්ථාවක් දිය යුතු බව මම විශ්වාස කරනවා. මොකද අත්දැකීම් නැති ජනාධිපතිවරයෙක් පත්කරගෙන රට නැවත අනතුරේ හෙලන්න බැරි යැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *