27 April 2024
#දේශීය

ජනපති රනිල් ඝාතන කුමන්ත්‍රණය බොරුවක් – පොලිසිය

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති බවට පෞද්ගලික වෙබ් අඩවියක් විසින් පල කර ඇති පුවත අසත්‍යයක් බව පොලිස් මාධ්‍ය අංශය පවසයි.

මෙරට දේශපාලන පක්ෂයකට සම්බන්ධ පිරිසක් විදෙස් රටකදී මීට දින කිහිපයකට පෙර එම ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇති බවට බුද්ධි අංශ වෙතින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු වාර්තා වී ඇති බවට එම නාලිකාව මගින් වාර්තා කර ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එවැනි විමර්ශනයක් ආරම්භකර නොමැති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *