27 April 2024
#දේශීය

කෘෂිකර්මය නගා සිටුවිමට තරුණ දායකත්වය ලබා ගත යුතුයි -රාජ්‍ය ඇමති රෝහණ

රටේ ආර්ථිකය නගා සිටුවිමේදි කෘෂීකර්මාන්තය වැදගත් ස්ථානයක් ගන්නා බවත් ඒ සදහා තරුණ ප්‍රජාවගේ දායකත්වය ලබා ගැනිම ප්‍රමුඛව සිදු කළ යුතු බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ඒ මහතා මෙම අදහස් පළ කළේ ජාතික තරුණ සේවා සභාවේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ දිස්ත්‍රික් යෞවන සම්මේලන කාර්යාලය විවෘත කිරිමේ අවස්ථාවට එක්විමිනි.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා මෙසේ කියා සිටියේය ” දිවයිනේ තරුණ තරුණියන් රටේ ආර්ථිකයට දායක කර ගැනිම අපගේ වගකිමක්. වර්තමාන රජය ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් සුවිශේෂී වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තියෙනවා.එදා ජනාධිපතිවරයා ආරම්භ කළ ජාතික තරුණ සේවා සභාව මෙරට සුවිශේෂී ආයතනයක්.මේ රරටේ තරුණ පරම්පරාව සිය සංවර්ධන වැඩපිළිවෙළේ කේන්ද්‍රය ලෙස සලකනවා. විශේෂයෙන්ම වසර 2025 සඳහා වූ අපගේ දැක්ම තුළ තරුණ පරපුර සවිබල ගැන්වීමට විශාල අවධානයක් යොමු කරලා තියනවා. එක් පැත්තකින් සමාජ සහ ආර්ථික වශයෙන් තරුණයෙක් සවිබල ගන්වන ගමන්, අනෙක් පැත්තෙන් ඔවුන් සංස්කෘතික සහ තාක්ෂණ අංශයෙන් ද ශක්තිමත් කළ යුතුයි. එසේ කළවිට තමයි අපිට හැම පැත්තෙන්ම පරිපූර්ණ තරුණ පරපුරක් මේ රටේ අනාගතය බාර ගැනීම සඳහා නිර්මාණය කළ හැකි වන්නේ.වත්මන් කාලයේදි තාක්ෂණික දියුණුවත් සමග විවිධ අභීයෝග ලක්වෙලා.අද වනවිට ලොව පුරාම තරුණ තරුණියන්ට ජීවත් වෙන්න සිද්ධවෙලා තියෙන්නෙ අභියෝග රාශියක් එක්ක. මේ අභියෝගවලින් බහුතරයක් පසුගිය කාලය තුළ ලෝකයේ ශීඝ්‍රයෙන් ඇතිවූ තාක්ෂණික විප්ලවයත් සමඟ හටගත් දේවල්. ලෝකයේ තරුණ ප්‍රජාව වගේම ලංකාවේ තරුණ ප්‍රජාවත් මේ අභියෝගවලට මුහුණදී ඒවා ජයගත යුතු යැයිද ඒ මහතා පැවසිය.

මෙම අවස්ථාවට ජාතික තරුණ සේවා සභාවේ මාතලේ දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ තිලක් ධර්මකිර්ති, දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරි ආර්.බි නුගපිටිය, යන මහත්වරුන් ඇතුලු තරුණ සේවා නිලධාරින් මාතලේ දිස්ත්‍රික් යෞවන සමාජ සම්මේලනයේ සභාපති නිලංක ලක්මාල් යන මහත්වරුන් ඇතුලු තරුණ තරුණියන් පිරිසක් එක්වි සිටියහ.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

Leave a comment

Your email address will not be published. Required fields are marked *