27 April 2024
#විදෙස්

ජපානයේ අගමැති ධූරය දැරූ ෂිංසෝ අබේගේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවය අදයි

ජාපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂිංසෝ අබේ මහතාගේ අවසන් කටයුතු අද (27) පස්වරුවේ රාජ්‍ය ගෞරව සහිතව පැවැත්වීමට සියළු කටයූතු සුදානම් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පසුගිය ජුලි මස දේශපාලන රැලියක් අතරතුර සිදු වූ වෙඩි තැබීමකින් අබේ මහතා ජීවිතක්‍ෂයට පත් වුණා. මිය යන විට ඔහු 67 වැනි වියේ පසු වුණා. ජපානයේ වෙඩි තබා ඝාතනය කෙරුණු පළමු අග්‍රාමාත්‍යවරයා වන්නේ ද අබේ මහතා යි. ඔහු ජපානයේ දීර්ඝතම කාලයක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ පුද්ගලයා ලෙස වාර්තා අතරට එක් වෙනවා.

මෙම රාජ්‍ය අවමංගල්‍යය උත්සවයට රටවල් 217 කට අධික සංඛ්‍යාවක සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයින් සහභාගී වීමට නියමිත බව විදේස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරයි.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *