• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රටේ තිබෙන්නේ විනිවිද පාලනයක් නෙවෙයි සරදියල් පාලනයක් –  මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

19 April 2024
in දේශීය, පුවත්
ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ගැලපෙන තැන සමගි ජනබලවේගයයි – මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

රටේ ක්‍රියාත්මක වන්නේ විනිවිද පාලනයක් නොව සරදියල් පාලනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ අද (19) කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවට සහභාගි වෙමිනි.

එහිදි අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා ‘ආණ්ඩුව ලෝකයට පෙන්වන්න උත්සහ කරන්නේ වෙනත් චිත්‍රයක්. නමුත් රට තුළ ප්‍රායෝගිකව ක්‍රියාත්මක වෙන්නේ වෙනස්ම ක්‍රියාවලියක්. මේ බව රටේ ජනතාවට හොදින් තේරුම් අරගෙන තිබෙන්නේ. නමුත් රටේ පාලකයන් හිතනවා ජනතාවට ඒවා තේරුම් ගැනීමට මොළයක් නෑ කියලා. ඒ වගේම ලෝකයේ පිළිගන්න නිර්ණායක වලට අනුකූලව , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සෑහිමකට පත් කරන්න පුලුවන් ආකාරයට රට පාලනය වෙනවා කියලා පෙන්වන්නත් ආණ්ඩුව උත්සහ කරනවා. මේ අතර ආර්ථිකය ගොඩනගන්න ඉලක්ක කරා ගමන් කරන බවක් ද රටට පෙන්වීමට ආණ්ඩුව දැඩි උත්සාහයක් ගන්නවා. නමුත් රටේ දකින්න තිබෙන්නේ සරදියල් ක්‍රමයේ රාජ්‍ය පාලනයක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට යම් කිසි දෙයක් කරන්න අවශ්‍ය නම් ඒ දෙය හිතුමතේ සිදුකරනවා. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව තුළ කතානායකවරයාව රූකඩයක් ලෙස නටවන ආකාරයක් දක්නට ලැබෙනවා. මුළු රටම විරුද්ධ වෙද්දි ,පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු හෘද සාක්ෂියට අනුව විරුද්ධ විය යුතුයි කියලා තීන්දු කරද්දි කෙහෙළිය රඹුක්වැල්ල හිටපු ඇමැතිවරයාට විරුද්ධව ගෙන ආ විශ්වාසභංගයට ජනාධිපතිවරයාගේ නියමයෙන් ඒ විශ්වාසභංගය ජයග්‍රහනය කරන්න සිද්ධ වුණා. පාර්ලිමේන්තුවේ බහුතරයක් අකමැති වුවත් ඔන්ලයින් පනත සම්මත කර ගැනීමට සිදුවුණා. පොලිස්පතිවරයාගේ පත්කිරීම මුළු පාර්ලිමේන්තුවම හෑල්ලුවට ලක්කරපු කටයුත්තක් වුණා. එමෙන්ම 2024 ට අයවැයෙන් වෙන්වුණ ඇස්තමේන්තු වලින් ක්‍රියාත්මක කළ යුතු කටයුතු 2024 දෙසැම්බර් 31 වැනිදා වනතුරු ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඒක තමයි පිළිගත් ක්‍රමය. නමුත් ජුලි මාසය වන විට සියලු සංවර්ධන කටයුතු අවසන් කළ යුතුයි කියලා චක්‍රලේඛයක් නිකුත් කරලා තිබෙනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ජුලි මාසය වනවිට ජනාධිපතිවරයාගේ බලය නැති වෙනවා. ඡන්දය පැවැත්වීමට තිබෙන බලය මැතිවරණ කොමිසමට පැවරෙනවිට ජනාධිපතිවරයාට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නොහැකි වෙනවා. ඒ නිසා මෙවැනි තීරණයක් ආණ්ඩුව අරගෙන තිබෙනවා. ඒ වගේම ජනාධිපතිවරයාගේ ගෝලයෝ ගම්වලට ගිහිල්ලා ගම්වල අවුරුදු උත්සව වලට ලක්ෂ ගණනක් මුදල් බෙදනවා. අද වනවිට රටේ තිබෙන්නේ විනිවිද පාලනයක් නෙවෙයි සරදියල් පාලනයක්. වාර්තමාන පාලනයෙන් රට ගොඩගැනීමට රටේ විශාල වෙනසක් ඇති විය යුතුයි. ඒ බව රටේ ජනතාව තේරුම් අරගෙන තිබෙනවා. ඒ සඳහා ගැලපෙන වැඩපිළිවෙළ , ප්‍රතිපත්ති අද සමගි ජන බලවේගය ක්‍රියාත්මක කරලා තිබෙන බවත් සජිත් ප්‍රේමදාස විපක්ෂනායකතුමා යෝජනා කරලා තිබෙන වැඩපිළීවෙල පිළිගෙන තිබෙන බවත් රජයේ වැඩපිළිවෙළින් තේරුම් ගන්න පුලුවන් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 6,643
Previous Post

පාසල් සිසුන් වෙනුවෙන් ලෝක ආහාර වැඩසටහන මඟින් ලැබුණු ආහාර ද්‍රව්‍ය බෙදා දීම ඇරඹේ

Next Post

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

editor ttvnews

editor ttvnews

Next Post
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට බඳවාගැනීම් සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම් දීමක්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved