• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොවිඩ් 19 බලපෑම හේතුවෙන් රටේ ආර්ථිකය අවධානම් මට්ටමක – රාජ්‍ය ඇමැති නිමල් ලාන්සා

18 February 2021
in සංවර්ධන

යහපාලනයේ දුර්වල ආර්ථික කළමණාකරනය හා කොවිඩ් 19 බලපෑම හේතුවෙන් රටේ ආර්ථිකය අවධානම් මට්ටමකට පැමිණෙමින් තිබෙන බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මෙම අදහස් පළ කර සිටියේ පසුගියදා වැලිවේරිය මාර්ග සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කරමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා, ” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භාර ගනු ලැබුයේ යහ පාලන රජය විසින් සෘණ බවට පත් කල ආර්ථිකයක්. ඒ සමගම ඇතිවූ කොවිඩ් බලපෑම දැන් අවුරුද්දකට ආසන්න කාලයක් තිස්සේ අපි මුහුණ දෙමින් සිටිනවා. මේ නිසා රටේ ප්‍රධාන ආදායම් මාර්ගයන්ගෙන් කළ ඉපැයීම් විශාල ලෙස පහත වැටී තිබෙනවා. අපගේ ප්‍රධාන ආදායම් මාර්ගයක් වූ සංචාරක කර්මානත්ය දැඩි ලෙස බිද වැටුනා. ඉන් සෘජු හා වක්‍රව යැපුණු ලක්ෂ 30 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. දෙවැන්න රට විරුවන් එවන ප්‍රේශන. ලෝකය පුරා පැතිර තිබෙන කොවිඩ් 19 හේතුවෙන් අපේ ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසකගේ රැකියා අහිමිව හා අවධානමට ලක්වීම නිසා අපට ලැබෙන විදේශ ප්‍රේශන අඩු වී තිබෙනවා. තෙවැන්න අපනයන ආදායම. එය යම්තාක් දුරට ඉහළ මට්ටමක පවත්වාගන යාමට හැකිවුවද එය රටේ පවතින මූල්‍ය අවශ්‍යතාවයෙන් ඉටු කරනුයේ ඉතාමත් සුළු ප්‍රමාණයකි.
මේ අවස්ථාවන් තුනම අහිමි වී තිබෙන අවස්ථාවක අපට තිබෙන අනෙක් අවස්ථාවනම් ආයෝජනයයි. ආයෝජනයේ සරල ව්‍යවහාරය නම් ව්‍යාපාරයයි. ලංකාවේ ව්‍යාපාර කරන සියළු දෙනා එයින් ආදායම් උපයන්නේ කෙසේද? එය පවත්වාගෙන යන්නේ කෙසේද? එය තවදුරටත් පුළුල් කර ගන්නේ කෙසේද? එයට හවුල්කරුවකු සම්බන්ධ කර ගන්නේ කෙසේද? යන්න පිළිබදව හොද අවබෝධයක් තිබෙනවා. හැබැයි ඒ කටයුත්ත විශාල ප්‍රාග්ධන අවශ්‍යතාවයක් වෙනුවෙන් රජය විසින් දේශීය හෝ විදේශීය හවුල්කරුවකු සමග සම්බන්ධ වී ක්‍රියාත්මක කිරීමට යාමේදී එය දේශද්‍රෝහී ක්‍රියාවක් ලෙස පෙන්වා දීමට කටයුතු කරන සුලු පිරිසක් නිසා රට තවදුරටත් ආර්ථිකමය පිරිහීමකට ලක්ව තිබෙනවා. රටේ ආයෝජනයන්ට විරුද්ධව එය නතර කිරීමට උත්සහ දරන පාර්ශවයන් රටේ පවතින ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු අදහසක් අදටත් ඉදිරිපත් නොකරන අතර එලෙස කළ හැකි වෙනත් ක්‍රමයක් පවතී නම් එය ඉදිරිපත් කරන ලෙස ඔවුනට අභියෝග කරනවා. ව්‍යාපාරයක් පිළිබදව පෙට්ටි කඩයක් කරන අහිංසක අම්මා කෙනෙකුට වුවද තේරෙනවා. හැබැයි එය නෝතේරෙන සුළු පිරිසක් හේතුවෙන් ඇති හැකි අය කෙසේ වෙතත් නැති බැරි බහුතර ජනතාවක් අද දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. රටේ ආර්ථිකය ගොඩ නගා ජනතාවගගේ දුක් ගින්දර සමනය කළ යුතුයි. අපේ අරමුණ රටත් ජනතාවත් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා වැඩිදුරටත් පැවසීය.

බස්නාහිර පළාත් සභාවේ හිටපු සභාපති සුනිල් විජේරත්න, ගම්පහ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජිත් ගුනවර්ධන, ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී උදාර පෙරේරා, කුමුදු ප්‍රියදර්ශන, මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සහ ගම්වාසීන් මෙම අවස්ථාවට එක්වූහ.

 

 

Post Views: 8
Previous Post

සංචාරක ක්ෂේත්‍රයේ නව ගමනකට සූදානම් වන්න- සංචාරක ව්‍යවසායකයන්ට ජනපති කියයි

Next Post

එක්සත් රාජධානිය සඳහා සංචාරක සීමා ඉවත් කරයි – විදේශ අමාත්‍යාංශය

editor

editor

Next Post

එක්සත් රාජධානිය සඳහා සංචාරක සීමා ඉවත් කරයි - විදේශ අමාත්‍යාංශය

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved