• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කොළඹ වරාය ආශ්‍රිතව පාපැදි මංතීරුව විවෘත කරයි

29 July 2022
in සංවර්ධන

කොළඹ වරාය ආශ්‍රිතව ගමනාගමනය සඳහා ආමර් වීදියේ සිට වරාය පිවිසුම දක්වා මාර්ගයේ පාපැදි මංතීරුව විවෘත කිරිම කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද දින (29) සිදුකෙරිණි.

රටේ දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුධය හමුවේ මෝටර් රථ ධාවනය සඳහා ඉන්ධන හිඟ වීම මත රට තුල සමස්ථ ප්‍රවාහන පද්ධතියට කඩා වැටිමකට ලක්වි තිබේන අවස්ථාවක ප්‍රවාහන අර්බුධයට පිළියමක් ලෙස කොළඹ මහා නගර සභාව විසින් නගරය තුළ පාපැදි ධාවනය දිරිමත් කිරීම සඳහා මෙම විශේෂ ව්‍යාපෘතිය ආරම්භ කල බව එහි දී නගරාධිපතිනිය පවසා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු නගරාධිපතිනිය ” පාපැදිකරුවන් සඳහා වෙනම මං තීරුවක් සකස් කිරීම, පාපැදි ආරක්ෂිතව නවතා තැබීමට හැකියාව ලැබෙන පරිදි නැවතුම් ස්ථාන සකස් මගින් කොළඹ නගරය තුළ අභයන්තර කටයුතු සඳහා පැමිණෙන ජනතාව සඳහා මෙම පහසුකම ලබාදීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙහිදී මූලික වශයෙන් නගරය තුල අභයන්තර ගමනාගමනය සඳහා පාපැදිය සහ පාපැදිකරුවන් දිරිමත් කිරීම සඳහා ව්‍යාපෘති කිහිපයක් අපි හඳුනාගෙන තිබේනවා.ඒ අනුව කොළඹ වරාය ආශ්‍රිතව ගමනාගමනය සඳහා අද දින ආමර් වීදියේ සිට වරාය පිවිසුම දක්වා මාර්ගයේ පාපැදි මංතීරු පහසුකම් සැලසීම සිදු කරනු ලබනවා. මෙම නියමු ව්‍යාපෘතිය නගර අභයන්තරයේ සිට වරායේ ප්‍රධාන පිවිසුම් දොරටුව දක්වා ක්‍රියාත්මක කිරිමට බලාපොරොත්තු වන අතර එමගින් කොළඹ නගරයේ ජීවත්වන ජනතාවගේ ප්‍රවාහන අවශ්‍යතාවය වෙනුවෙන් හැකි උපරිමය දක්වා පාපැදිය යොදා ගැනීම වෙනුවෙන් පහසුකම් සැලසීමටත්, ඒ සඳහා ඔවුන් දිරිමත් කිරීමටත් කොළඹ මහ නගර සභාව විසින් සිදුකරනු ලබනවා. කොළඹ විශ්ව විද්‍යාලය, මහජන පුස්තකාලය, පුරහල හා නිදහස් චතුරස්‍රය අවට මාර්ගවල ද ඉදිරියේදී පාපැදි මංතීරු ක්‍රියාත්මක කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙම පාපැදි මංතීරු ක්‍රියාත්මක කිරීම සදහා මහජනතාවගේ සහ විවිධ වූ ආයතන වල සහයෝගය අඛණ්ඩව බලාපොරොත්තු වන අතර ශ්‍රී ලංකා පොලීසියේ රථවාහන අංශයේ සක්‍රිය දායකත්වය නිරන්තරයෙන්ම බලාපොරොත්තු වෙනවා. පාපැදි මංතීරුව සඳහා ප්‍රමුඛත්වය ලබාදීම, පාපැදිකරුවන් සඳහා ආරක්ෂාව සැලසීම වෙනුවෙන් ශ්‍රී ලංකා පොලීසියේ රථවාහනන අංශයේ දායකත්වය අපට අවශ්‍ය ‍වෙනවා. මාර්ගයේ පාපැදි මංතීරු ක්‍රියාත්මක කිරීමට සමගාමීව, කොළඹ නගරයේ පාපැදි ආරක්ෂාකාරීව නැවැත්වීම සඳහා නැවැතුම් ස්ථාන සකස් කිරීම සිදු කරනු ලබනවා.ආරම්භයේදී නගරය තුල තෝරාගත් ස්ථාන 25ක පාපැදි නැවතුම් ස්ථාන ඉදිකිරීමට කටයුතු සුදානම් කර තිබේන අතර මේ වන විට ලංකා බැංකු මාවත, ලෝක වෙළඳ මධ්‍යස්ථානය අසල, කොළඹ ජාතික රෝහල අසල, නොරිස් කැනල් මාර්ගය, ඩීන්ස් පාර ඇස් වාට්ටුව ඉදිරිපිට, පිටකොටුව වරාය ප්‍රධාන පිවිසුම මාර්ගය, ජෝර්ජ් ආර් ද සිල්වා මාවත, කොටහේන බස් නැවතුම අසල, බම්බලපිටිය මැජෙස්ටික් සිටි අසල ස්ථානවල පාපැදි නැවතුම් ස්ථාන ඉදිකර තිබෙනවා. යැයි නගරාධිපතිනිය රෝසි සේනානායක මහත්මිය වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 16
Previous Post

නීති විරෝධි මත්පැන් සමඟ අයෙකු කුරුණෑගලදී අත්අඩංගුවට

Next Post

දේශපාලන සූදු එපා … ස්ථාවර ජනවරමකට අවස්ථාව දෙන්න- විපක්ෂනායක සජිත්

editor

editor

Next Post

දේශපාලන සූදු එපා ... ස්ථාවර ජනවරමකට අවස්ථාව දෙන්න- විපක්ෂනායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved