• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ආර්ථික අර්බුදය විසඳීමට හැකිවන්නේ දිගු කාලීන වැඩපිළිවෙල ඔස්සේ – ඇමැති අලි සබ්‍රි

23 November 2023
in දේශීය

මෙරට පවතින ආර්ථික අර්බුදය වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් නොමැති බවත් ඒ සඳහා දිගු කාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ ඉදිරියට යායුතු බවත් විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (22) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

සුබ සාධන රාජ්‍යයක් ලෙස රට තවදුරටත් පවත්වාගෙන යාමට නම් බදු ගෙවීම් පැහැර හරින්නන් බදු දැලට කොටු කර ගැනීමට අවශ්‍ය බවත් ඒ සඳහා අවශ්‍ය වැඩපිළිවෙළ මෙම වසරේ සිට එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා “ පසුගිය සමයේ රටේ පැවති තත්ත්වය සමඟ සසඳා බලන විට අද ඉතා යහපත් ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. පසුගිය වසරේ 70%ක් පමණ වන ලෙස පැවති උද්ධමනය මේ වන විට -2.5% දක්වා අඩු කරගැනීමට හැකියාව ලැබී තිබෙනවා. සංචාරකයන්ගේ පැමිණීමෙහි 100% ක වර්ධනයක් පෙන්නුම් කරනවා. මේ හරහා පෙනී යන්නේ අප නිවැරදි දිශානතියකට අනුව ආර්ථිකය කළමනාකරණය කරගෙන යමින් තිබෙන බවයි. අපට දේශපාලනඥයින් ලෙස විවිධ තීන්දු තීරණ ගෙන ඒමට පුළුවන්. නමුත් ඒවායේ බර දැරීමට සිදුවන්නේ මෙරට ජනතාවටයි. කෙසේ වුවත් රට මේ තිබෙන තත්ත්වයෙන් ඔබ්බට ගෙන යාමට නම් නව ආයෝජන රැගෙන ආයුතුයි. රැකියා උත්පාදනය කළ යුතුයි. රැකියා වෙළෙඳ පොළට නිර්මාණශීලි තරුණ ප්‍රජාව එක්කළ යුතුයි. මෙවර අයවැය එම සියලු ඉලක්ක සපුරා ගැනීමට මෙන්ම විශේෂයෙන් අනාගතය දෙස බලා ඉදිරිපත් කළ අයවැයක් බව සඳහන් කළ යුතුයි. 2024 අයවැය නව ආර්ථික රටාවකට මෙරට දිශානතිය සකසන අයවැයක් බවද සඳහන් කළ යුතුයි. ඒ වගේම ඩිජිටල්කරණය සඳහා විශාල මුදලක් වෙන්කර තිබෙනවා. මෙම කටයුතු සිදුකිරීමේදී නිලධාරීවාදය මඟහරවා ගනිමින් එකමුතුව කටයුතු කළ යුතුයි. එමෙන්ම කෘෂීකර්මය නවීකරණය සඳහා වැඩ පිළිවෙලක් අප විසින් ඉදිරිපත් කර තිබෙනවා. අධ්‍යාපනය වෙනුවෙන් ද විශාල මුදලක් වෙන් කර තිබෙනවා. ඒ වගේම විප්ලවීය තීන්දු තීරණවලට එළැඹීමටද මෙවර කටයුතු කර තිබෙනවා. මහල් හා කුලී නිවාසවල පදිංචි වී සිටින ජනතාවට ඒවායේ අයිතිය ලබා දීමට යෝජනා කර තිබෙනවා. ඒ වගේම ගොවියාට ඉඩම් අයිතිය ලබාදීමට ද අප තීරණය කර තිබෙනවා. මෙවර අයවැයෙන් 70% ක් වෙන් කර ඇත්තේ, ණය වාරික සහ පොලිය ගෙවීමට බවත් සඳහන් කළ යුතුයි. ලෝකයේ අඩුවෙන්ම බදු අයකරන රටවලින් ශ්‍රී ලංකාව 08 වන ස්ථානයේ සිටින බවත් මෙහිදී සඳහන් කළ යුතු වනවා. එහිදී අපට ඉහලින් සිටින රටවල් අතර තිබෙන්නේ හයිටිය, සෝමාලියාව, සුඩානය, ඉරානය, වෙනිසියුලාව සහ නයිජීරියාව වැනි රටවල් කිහිපය පමණයි. මෙහිදී අය කරන බඳු ප්‍රමාණය වැඩිකළ යුතු බවක් මම අදහස් කරන්නේ නෑ. අප සිදුකළ යුත්තේ, බදු දැලෙන් රිංගා යන අය බදු දැලට කොටු කර ගැනීමයි. සෘජු බදු අය කරගැනීම කෙරෙහි අවධානය යොමුකළ යුතුයි. ඒ සඳහා වන වැඩසටහන අප මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම්කර තිබෙනවා. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය, ඇතුළු අනෙකුත් පහසුකම් උසස් ලෙස ලබාදීමට නම්, ජනතාවට සහන දීමට නම් එවැනි ක්‍රියාමාර්ගයන්ට එළඹිය යුතු වනවා. රටේ පවතින ආර්ථික අර්බුදය විසඳීම වෙනුවෙන් කෙටි කාලීන විසඳුම් නැහැ. ඒ සඳහා දිගු කාලීන ඉලක්කගත වැඩපිළිවෙලක් ඔස්සේ ඉදිරියට යායුතුයි යැයි අමාත්‍ය අලි සබ්‍රි මහතා වැඩිදුරටත් පැවසිය.

Post Views: 9
Previous Post

2022 මහ කන්නයේ දී කීරි සම්බා මෙට්‍රික් ටොන් 5000ක අස්වැන්නක් – කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

Next Post

නව මිශ්‍ර ඡන්ද ක්‍රමයකට පිවිසෙමු – අගමැති

editor

editor

Next Post

නව මිශ්‍ර ඡන්ද ක්‍රමයකට පිවිසෙමු - අගමැති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved