• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

සමස්ත ප්‍රාථමික අධ්‍යාපනය ම ජාත්‍යන්තර මට්ටමට ප්‍රමිතිගත කරනවා -අධ්‍යාපන අමාත්‍ය සුසිල්

25 August 2023
in දේශීය

පෙරපාසල් අධ්‍යාපන ජාතික ප්‍රතිපත්තියක් කඩිනමින් සකස් කළ යුතු ව ඇති බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගත යුතු ක්‍රියාමාර්ග වශයෙන් කෙටුම්පත් කර දක්වා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමී ව එම ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණු සාකච්ඡාවක දීය.

මෙහි දී අමාත්‍යවරයා ප්‍රකාශ කළේ පවත්වන ලද සමීක්ෂණයක් අනුව පළමු ශ්‍රේණියේ අධ්‍යාපන මට්ටමට සරිලන පූර්ව අධ්‍යාපන සාධන මට්ටමෙහි පසු වන්නේ පෙරපාසල් දරුවන්ගෙන් 15%ක් පමණක් බව පෙනී ගොස් ඇති බවයි.

ඒ අනුව මෙම පෙරපාසල් ජාතික ප්‍රතිපත්තිය සැකසීමේ වැදගත්කම අවධාරණය කළ අමාත්‍යවරයා එම ප්‍රතිපත්ති තීරණ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමී ව කාර්යක්ෂ්ම වත් ඵලදායී වත් ක්‍රියාවට නැංවීම කෙරෙහි ද අවධානය යොමු කරන බව පැවසී ය.

එසේ ම ප්‍රාථමික අධ්‍යාපනයෙහි නිරත ගුරුවරුන් ද ඉතා විධිමත් ගුරු පුහුණුවක් ලබා ජාත්‍යන්තර මට්ටමට උචිත වන අන්දමින් දැනුමින් පමණක් නොව ආකල්ප හා කුසලතා සංවර්ධනයකින් ද පොහොසත් විය යුතු බවත් හෙතෙම සඳහන් කළේ ය.

ඉදිරියේ දී සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර එක ම ගුරු පුහුණු විශ්වවිද්‍යාලයක් මගින් ගුරුවරුන් උපාධිධාරීන් ලෙස පාසල් පද්ධතියට යොමු කිරීමට කටයුතු කරන බවත් ඒ අනුව 2028 වන විට නුපුහුණු හා උපාධියක් නොමැති කිසි දු ගුරුවරයකු අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නොසිටිනු ඇති බවත් ඒ මහතා කී ය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සීතා අරඹේපොළ හා කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ යන මහත්මිය මෙම අවස්ථාවට සහභාගී වූ අතර අධ්‍යාපන ලේකම් එම්. එන්. රණසිංහ මහතා, කාන්තා හා ළමා කටයුතු, සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව සහ ජාතික අධ්‍යාපන ආයතනය යන අදාළ ආයතන නියෝජනය කරන නිලධාරීන් මෙන් ම ඇතුළු අධ්‍යාපන නිලධාරීහු ද එක් ව සිටියහ.

Post Views: 13
Previous Post

උගන්ඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු කථානායකවරයා හමුවෙයි

Next Post

වාණිජ බැංකු පොලී අනුපාතය අඩු කෙරෙන චක්‍රලේඛය අද දිනයේ නිකුත් කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

editor

editor

Next Post

වාණිජ බැංකු පොලී අනුපාතය අඩු කෙරෙන චක්‍රලේඛය අද දිනයේ නිකුත් කරනවා - මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved