• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ස්වදේශීය කර්මාන්තකරුවා බලගැන්වීමේ අවදිය මෙතැන් සිට ඇරඹෙනවා – ඇමති විමල් පවසයි

17 August 2020
in දේශීය

ස්වදේශීය කර්මාන්තකරුවා බලගන්වමින් ඔවුනට හිතකර වෙළෙඳපොළ පරිසරයක් නිර්මාණය කර දීමටත් පසුගිය ආණ්ඩු යටතේ වසා දමන ලද කර්මාන්ත යළි අරඹමින් ඊට අදාළව ගත යුතු තීරණ ගැනීමටත් ජනාධිපතිවරයා තමන්ට පවරා ඇති බලතල ප්‍රකාරව කටයුතු කිරීම අදින් අරඹන බව කර්මාන්ත කැබිනට් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ඒ මහතා අද (17) සිය කර්මාන්ත අමාත්‍යාංශයේ දී වැඩ භාර ගනිමිනි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “මේ උදා වී ඇත්තේ රටේ පොදු ජනතාව ඉමහත් බලාපොරොත්තු හා අපේක්ෂාවන් ඇතිව තුනෙන් දෙකක ජනවරමක් සහිතව ආණ්ඩුවක් පවත්වාගෙන යන්න අවස්ථාව සලසා දීලා තියෙන විරල අවස්ථාවක්. ඒ විරල අවස්ථාව අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන්ට ඉතා විශ්වාසයකින් යුතුව ලබා දීලා තියෙනවා. ඒ ඉමහත් විශ්වාසයෙන් හා බලාපොරොත්තුවෙන් ගොඩනැගුණු ආණ්ඩුවේ කර්මාන්ත විෂය භාර කැබිනට් අමාත්‍යවරයා විදියට වැඩ භාර ගන්න ලැබීම ඉතාම වැදගත් කටයුත්තක්. ඒකට හේතුව මේ රටේ දේශීය කර්මාන්ත, දේශීය කර්මාන්තකරුවා වගේම ව්‍යවසායකයා පණ ගැන්වීමේ, බලගැන්වීමේ අවශ්‍යතාවයයි. එය දීර්ඝ කාලයක් තිස්සේ තිබුණා. ඒ බලගැන්වීම සඳහා වූ ප්‍රතිපත්තිමය පසුබිම අද හැදිලා තියෙනවා. සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙන්නේ දේශීය කර්මාන්තකරුවා සහ දේශීය ව්‍යවසායකයා බලගැන්වීමේ අවශ්‍යතාවයයි. මේ රටේ නිපදවන්න පුළුවන් සියලු දේම මේ රට තුළ නිපදවීම සහ පරිභෝජනයට ඉඩ සැලැස්වීම කළ යුතු වෙනවා. ඒ ප්‍රතිපත්තිය මත පිහිටලා අපේ රටේ ස්වදේශික කර්මාන්තකරුවාගේ අභිමානවත් අවදිය නිර්මාණය කිරීම සඳහා අපි ඇප කැප වෙනවා. මේ රටේ ස්වදේශීය කර්මාන්තකරුවන් සිංහල, දෙමළ මුස්ලිම් විය හැකියි. ඒ ඕනෑම ස්වදේශීය කර්මාන්තකරුවකු බලගන්වන්නත්, පසුගිය ආණ්ඩු යටතේ වසා දමන ලද කර්මාන්ත නැවත ගොඩනගන්නත්, ඒ වගේම ස්වදේශික කර්මාන්තකරුවාට හිතකර වෙළඳපොළ පරිසරයක් නිර්මාණය කරදෙන්නත්, ඊට අදාළව ගතයුතු තීරණ ගැනීමටත්, අතිගරු ජනාධිපතිතුමන් පවරපු බලතල අනුව සියලු කටයුතු කරන්න සූදානමින් ඉන්නවා. ස්වදේශික කර්මාන්තකරුවනි, මේ ඔබේ අවදිය. නව හැගීමකින්, නව උද්යෝගයකින්, නව සිතුවිලි සහිතව අපත් සමග එකතු වෙන්න. ස්වදේශීය කර්මාන්තකරුවා බලගැන්වීමේ අවදිය මෙතැන් සිට ආරම්භ වෙනවා.”

මෙහි දී බෙල්ලන්විල රජ මහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නාහිමි, පූජ්‍ය මහාචාර්ය පාතේගම ඤාණිස්සර නාහිමි, පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස නාහිමි, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමි, පූජ්‍ය දෙහිපෙ චන්දවිමල හිමි ඇතුළු මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකතුමනන්ලා ද අමාත්‍යවරයාට ආශිර්වාද කළ අතර බලශක්ති කැබිනට් අමාත්‍ය උදය ගම්මන්පිල, බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන අමාත්‍ය ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මොහොමඞ් මුසම්මිල්, ගාමිණී වලේබොඩ, උද්දික ප්‍රේමරත්න, ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතා ද මෙම අවස්ථාවට සහභාගී වී සිටියහ.

Post Views: 4
Previous Post

මාධ්‍ය ආයතන රජයේ හොරණෑවක් නොවී ජනතාව වෙනුවෙන් වැඩ කරන්න – නව ජනමාධ්‍ය ලේකම්

Next Post

අධීකරණ ඇමැති නීතිඥ අලි සබ්රි සිය ධුරයේ රාජකාරි අරඹයි

editor

editor

Next Post

අධීකරණ ඇමැති නීතිඥ අලි සබ්රි සිය ධුරයේ රාජකාරි අරඹයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved