• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

කර්මාන්ත ක්ෂේත්‍රය පුළුල් කිරීම කඩිනමින් සිදු කල යුතුයි – ඇමැති රමේෂ්

5 August 2022
in දේශීය

කඩිනම් ආර්ථික ප්‍රවර්ධනයන් උදෙසා අවශ්‍ය වන්නේ නියාමනයන් හැකිතරම් සුමට කොට කර්මාන්ත ක්ෂේත්‍රය පුළුල් කිරීම බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

 

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (4 ) කර්මාන්ත අමාත්‍යංශයේදී පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

මාර්ගගත ක්‍රමවේදය ( Online ) ඔස්සේ මැණික් හා ස්වර්ණාභරණ අපනයනය කිරීමේදී සහ කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනය කිරීමේදී මතුවී ඇති ගැටළු සම්බන්ධයෙන් නිසි ක්‍රමවේදයක් සැකසීම මෙම සාකච්ඡාව පැවැත්වීමේ මූලික අරමුණ විය.

මෙහිදී මැණික් අපනයනයේදී රේගු කටයුතු සම්බන්ධව පැන නගින ගැටළුකාරි තත්වයන් සම්බන්ධවත් , නීතිමය බාධා අවම කරමින් ඉතා විනිවිද ක්‍රමවේදයක් ඔස්සේ රටට වැඩි අපනයන ආදායමක් ලබාගැනීම සම්බන්ධවත් , තැපැල් කාර්යාල හරහා සිදුවන මැණික් අපනයන කටයුතු වලදී ලිහිල් ක්‍රමවේද අනුගමනය හා විධිමත් කිරීම සම්බන්ධවත් , කර්මාන්ත සදහා ආනයනය කරන අමුද්‍රව්‍ය සම්බන්ධයෙන් වඩා ඵලදායි ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කිරීම සම්බන්ධවත් පුළුල්ව සාකච්ඡා කොට ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් සකස් කරන ලදි.

අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ පසුගිය වසරක කාලය තුළ මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයෙන් ලබා ඇති සමස්ථ ආදායම ඩොලර් මිලියන 267 ක් වැනි කුඩා ප්‍රමාණයක් බවත් , ඉන් ඩොලර් මිලියන 140 ක ප්‍රමාණයක්ම දියමන්ති ප්‍රතිඅපනයනයෙන් හා ස්වර්ණාභරණ ආශ්‍රිතව උපයා ඇති බවයි.

දීර්ඝ මැණික් කර්මාන්ත ඉතිහාසයක් ඇති අප වැනි රටක් එවැනි කුඩා ආදායමක් ලැබීම ගැටළුවක් බවත් දැනට මැණික් කර්මාන්තයෙන් වාර්ෂිකව ඩොලර් බිලියන 15ක් වැනි ආදයමක් ලබන තායිලන්තය වැනි රාජ්‍යයන් මැණික් කර්මාන්තය උදෙසා අනුගමනය ක්‍රමවේදයන් අප රටටත් අවශ්‍ය බවත් තවදුරටත් පැවසූ ඒ මහතා කර්මාන්ත ක්ෂේත්‍රය මුල්කොට ගත් අපනයන හා ආනයනයන් හිදී පවතින නියාමනයන් ලිහිල් කරමින් , ඒවා කර්මාන්ත කරුවන්ට වඩා පහසු විනිවිද හා විධිමත් බාවයකින් යුතුව ක්‍රියාත්මක කොට එහි ප්‍රතිලාභ රටේ ආර්ථිකයට අත්කර දියයුතු බවත් සදහන් කලේය.

මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය , රේගු අධ්‍යක්ෂ ජනරාල් පී.බී.එස්.ඊ. නෝනිස් මහතා , තැපැල්පති රංජිත් ආරියරත්න මහතා , ආනයන අපනයන පාලක ටී.ටී.උපුල්මලී මහත්මිය ඇතුළු නිළධාරින් රැසක් එක්විය.

 

Post Views: 16
Previous Post

ඉන්දීය මහ කොමසාරිස් සහ මහජන ආරක්‍ෂක ඇමැති අතර හමුවක්

Next Post

පැරණි ආර්ථික මොඩලය බෑ ගෝලීය වෙනස්වීම් ගැන කඩිනම් අවධානය යොමු කළ යුතුයි – ජනපති

editor

editor

Next Post

පැරණි ආර්ථික මොඩලය බෑ ගෝලීය වෙනස්වීම් ගැන කඩිනම් අවධානය යොමු කළ යුතුයි - ජනපති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved