27 April 2024
#දේශීය

2021 අයවැය අවසන් ඡන්ද විමසීම අදයි

2021 අයවැය පිළිබඳ ඡන්ද විමසීම අද (10) පාර්ලිමේන්තුවේ දී සවස 5.00 ට සිදු කිරීමට නියමිතයි.

මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පසුගිය නොවැම්බර් (17)දින 2021 වර්ෂය සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

2021 මුදල් වර්ෂයට අදාලව රජයේ සේවා වියදම් සඳහා රුපියල් බිලියන 2678ක් වෙන් කිරීම සහ ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව රුපියල් බිලියන 2900ක සීමාවකට යටත්ව ණය ලබා ගැනීමට විසර්ජන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබේ.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව නොවැම්බර් 18 වැනිදා සිට 21 වැනිදා දක්වා අයවැය දෙවන වර කියවීමේ විවාදය පැවැත්විණ. දෙවන වර කියවීම පිළිබඳ ඡන්ද විමසීම 21 වැනිදා පස්වරු 5.00ට පැවැත්විය.

ඉන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාව නොවැම්බර් 23 වැනිදා සිට අද දක්වා පැවැත්වෙයි. අද (දෙසැම්බර් 10 වැනි දින) පස්වරු 5.00ට අයවැය පිළිබඳව ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *