27 April 2024
#දේශීය

නීතී විරෝධිව මෙරටට ගෙන්වු කහ කිලෝ 1395 ක් සමඟ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට

මාරවිර පොලිසියට ලද තොරතුරුක් මත අද (10) අලුයම 4 ට පමණ මුදුකටුව වෙරළ තීරයේදී සිදු කල වැටළිමකදී නීති විරෝධිව මෙරටට ගෙන්වු කහ කිලෝ 1395 ක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය පැවසුවේ අදාල කහ තොගය ගෝනි 27 ක දමා තිබු බවයි. එම කහ තොගය ප්‍රවාහනය කරන ලද ලොරි රථය හා යතුරු පැදි දෙකක්ද පොලිසියට භාර ගෙන ඇත.

පොලිසිය පැවසුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 43, 57 සහ 60 යන වයස් කණ්ඩවල පසුවන අතර ඔවුන් තොඩුවාව, බරදැල්පොල හා මාදම්පේ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද දින මාරවිල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මාරවීර පොලිසිය වැඩිදුර විමර්ශනය පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *