• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

ළමා ඇඳුම්වල සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමේ ප්‍රථම සහතිකය නිකුත් වෙයි

22 September 2020
in ව්‍යාපාර

පේෂකර්ම හා ඇඟලුම් ආයතනය ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘතිය යටතේ ඊට අදාළ ප්‍රථම සහතිකය කොට්ටාව දුන්හිඳ ගාමන්ට් පුද්ගලික ආයතනයට අදාල සහතිකය ඊයේ (21) කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පිරිනමනු ලැබීය.

දේශීය වෙළඳපොළෙහි පවත්නා ළමා ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කිරීම සඳහා බලය පැවරී ඇති කර්මාන්ත අමාත්‍යාංශය යටතේ මෙය සිදු කර තිබේ.

2018 වසරේ දී ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මඟින් පවත්වන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත්තේ දේශීය වෙළඳපොළෙහි පවතින ළමා ඇඳුම්වලින් 70%කට අධික ප්‍රමාණයක් නිසි ප්‍රමිතියකින් තොර බවය.

දේශීය වෙළඳපොළෙහි පවතින ආනයනික සහ දේශීය වශයෙන් නිෂ්පාදිත ඇඳුම්වල සෞඛ්‍යාරක්ෂිත බව නියාමනය කිරීම ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනයේ විෂය පථයට අදාළ බැවින් එසේ නියාමනය කොට සෞඛ්‍යාරක්ෂිතව ළමා ඇඳුම් වෙළඳපොළට නිකුත් කරන ඇඟළුම් ආයතන සඳහා සහතිකයක් නිකුත් කිරීමේ ව්‍යාපෘතියක් එම ආයතනය ආරම්භ කරන ලදී. 2019 දෙසැම්බර් 27 දින අරඹන ලද එම ව්‍යාපෘතිය යටතේ පළමුවන සහතිකලාභී ආයතනය ලෙස කොට්ටාව දුන්හිඳ ගාමන්ට්ස් ආයතනය තේරී පත්ව තිබේ.

එම ආයතනයට හිමි ‘ළමා ඇඳුම්හි සෞඛ්‍යාරක්ෂිත බව තහවුරු කිරීමේ සහතිකය’ එහි සම කළමනාකාර අධ්‍යක්ෂවරු වන එම්. ඩී. දුලාන් දර්ශන, එම්. බී. ඥානපාල යන මහත්වරුන් වෙත අමාත්‍ය විමල් වීරවංශ මහතා විසින් පිරිනමනු ලැබීය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සරත් ප්‍රනාන්දු මහතා ඇතුළු ආයතනයේ නිලධාරීහු එක්ව සිටියහ.

Post Views: 22
Previous Post

20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Next Post

සහන මිලට පොල් බෙදා දීම ඇරඹෙයි

editor

editor

Next Post

සහන මිලට පොල් බෙදා දීම ඇරඹෙයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved